Sunday, May 1, 2011

මගේ ඇබ්බැහි?? -පොත්-

හ්ම්ම්ම් මගේ විශයෙන් ගන්නකොට ඇබ්බැහි කියන්නෙ ලොකූ මාතෘකාවක්!...
හැම කෙනෙක් දිහාම බලද්දි හැමෝටම මොන ආකාරයකම හරි(හොද හෝ නරක) ඇබ්බැහි,අඩු තරමේ එකක් වත් තියන බව පේනවා!!

මට පලවෙනියටම කියවන්න තරම් ලොකු පොතක් අහු උනේ 5හ වසරෙ ඉද්දි..
-"පාලු දුපත"-
මට මතක විදියට..
අපේ ගමේ ඉස්කොලේ පොඩි පුස්තකාලේ තිබුනු මේ පොත අපි යාලුවො  5ස් දෙනෙක් විතර සමූපකාර ක්‍රමයට තමයි කියෙව්වෙ.ඒ කිව්වෙ පොතෙ කැලි කැලි ඉඩ ලැබුනු වෙලාවට කට්ටියත් එක්ක කියෙව්වා.පිටු 150ක් විතර තිබුනු මේ පොතේ විස්තර උනේ කරවල වාඩියක වැඩට පැහැරගන ගිහින් යොදවපු ලමයි දෙන්නෙක් ගැන..

ඒ තමයි පොත් වලට මගේ ඇබ්බැහිය පටන් ගත්තු විදිය..මගේ පොත් ඇබැහියෙ ස්වර්නමය කාලය ඉස්කොලෙ 6-11 කාලය තමයි..
ඒ දවස් වල මට පොතක් කිව්වොත් ඕනි දෙයක් (හ්ම්ම්ම් තාමත් එහෙම තමයි).

6 වසරෙදි සිස්වත්තෙ කියන එක පාස් වෙලා අලුත් ඉස්කොලෙට ගියාට පස්සෙ පලවෙනි වතාවට බැහැර දැන පුස්ථකාලෙක සාමජිකයෙක් වෙන්න හම්බ උනා!!
ඉබ්බ දියට දැම්මහම ඇන්නැවෙ කියන සිරිතක් තියනවයැ..
සති 2කට බැහැර දෙන පොත (අනිවා පිටු 200ට වැඩී) එක දවසෙන් (ඉස්කොලෙ ඇතුලෙදිම) කියවලා,යාලුවෙක් එක්ක මාරු කරලා උගෙන් ගන්න පොතත් කියවලා ඕනිනම් තව එකෙක් එක්ක මාරු කරලා.වැඩිම උනොත් දවස් දෙකෙන් පුස්ථකාලේට දිලා තව පොතක් ගන්නවා..

අන්තිමට පුස්ථකාලෙ තිබුනු කියවන්න පුලුවන් හැම පොතක්ම(කතා,විද්යාත්මක,සාහිත්‍ය,ඉතිහාසය,එකි නොකි හැම ජාතියකම) ඉවර උනාට පස්සෙ,කබඩ් අව්ස්ස අව්ස්ස තවත් පොත් හොයල පන්තියට යනකොට පීරියඩ් 2ක් 3ක් ගිහින්.පන්තියෙ ඉන්න ගුරුවරයා අපිව ආපහු යවනව පුස්ථකාලය භාර ගුරුතුමාගෙන් ලියුමක් අරන් එන්න පුස්ථකාලෙ හිටියා කියලා (කාලා වරෙන්කො දැන්,6දි අපි දන්න ලියුම්!! :D).

ඒ මදිවට යලුවොන්ගෙ පොත් එකතු පිටින් ඉස්කොලෙට ගෙන්නගන,බැග් එකෙ දාගන,ඉල්ලගන එන අනිත් උන්ගෙන් බේරගන්න දෙන ගේම දන්නේ අපි විතරයි..

ඔය ගන්න පොත් දැන් කියවන්නත් එපැ!!..
මක් කොල්ල කියවන්නද..ඉන්ටවල් එක පැය බාගයයි!..ඊටත් ඉන්ටවල් එකෙ ගෙදරි බැදලා දෙන යෝද බත් ගෙඩිය කන්නත් එපැ..දැන් ඉතින් පොත් කියවන්න සෙට් වෙන්නෙ අහින්සක ගුරුවරුන්ගෙ ඉගැන්වීම් කාලය තමයි!
පන්තිය ඉස්සරහ ගුරුවරයා බර දාල මොනවාහරි උගන්නනකොට කොල්ලා ඩෙස් එකක් අස්සෙ දාගන "2010-ආතර් සී. ක්ලාර්ක්" කියවනවා!!..ඔන්න ඉතින් ඔය ගුරුවරයෙක් අර මම පොත කියෝන අස්සෙ උගන්නපු දෙයක් ගැන ඔනි නැති ප්‍රස්නයක් අහපුවාම!...කොල්ල දෙනවා උත්තර,ගුරුතුමා හෙල්ලිල යන්න!!!
"2010" ගැන :D

බොරු කියන්න ඕනි නැ.මමනම් ඔය 6-11 කාලය ඇතුලත තිබුනු දවස් ගානටත් වඩා පොත් කියවලා ඇති :P :P..

ඒ දවස් වල අපිට වෙලාව තිබුනෙ නැතත් ඩෙස් අස්සෙ දාගන හරි කියවන්න පොත් තිබුනා..
පොත් දෙන්න යාලුවො හිටියා..
නමුත් දැන් ඕනි තරම් කාලය තියෙද්දි කියවන්න පොත් නැ..
පොත් ලැබෙන්න ක්‍රමයක් නැ.වටේ හිටපු යාලුවො ටික හම්බවෙන්නෙ නැ..
මාසෙකට විතර සරයක් තමා පොතක් හම්බ වෙන්නෙ.

යන්න තිබුනු මහජන පුස්ථකාලෙ ගොඩනැගිල්ල කඩලා හදනවලු මේ දවස් වල (අවුරුද්දක විතර ඉදලා).
අලුතින් හදල තියන පුස්ථකාලය (ලොකු!!) හදලා පොතුත් පුරෝලා දැන් කාලයක්ලු.
විවෘත කරන්නෙ ඊලඟ ඦන්දෙ බලලා වෙන්න ඇති..

ඊටත් හපන් ලංකාවෙ පුස්ථකාල වල නීති.පොත් බැහැර ගෙන යාමේ අංශයට බැඳෙන්න නගරසභා සීමාවෙ කෙනෙකුගෙ අත්සනයි.වරිපනම් සහතිකේකුයි ඕනි.ඒ මදිවට අවුරුද්දකට සරයක් අලුත් කරන්නත් ඕනි.එක පාරක් යාලුවෙකුට කියල අවුරුදු 150ක් විතර මනුස්සයෙක්ගේ අත්සනක් ගහල බැදුනා පුස්ථකාලේට.මට වැඩෙ එපා උනා අර අවුරුද්දෙ සීන් එක හන්දා.

ඉතින් මගේ ලොකුම ඇබ්බැහියක් තමා කියවන එක(පොත්,පත්තර...ඕනි දෙයක්)..
මගේ බ්ලොග් එක බලන හැමෝටම කියන්න තියෙන්නෙ "කියවන්න" පුලුවන් තරම්.අතට අහුවෙන ඕනි දෙයක්!!!

9 ප්‍රතිචාර!!:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මටත් ඔය පොත් පිස්සුව තිබුනා ( අපේ යාලුවන්ටත් ) , සතියට දවසක් දෙකක් ෂර්ලොක් හෝම්ස් , මොන්තොක්‍රිස්තො වගේ පොත් ගුරු මේසයටත් යනව ඩෙස් අස්සේ ගහගෙන කියවල . ඔය පුස්ථකාල නිති නම් මහ වාතයක් තමයි . බ්‍රිතාන්‍ය කවුන්සිලේ නම් මුදල් ඇපයකින් විතරක් සමාජිකත්වය ලබාගන්න පුලුවන්ලු ! ඉංග්‍රිසි පොත් කියවන කෙනෙකුට නම් ඉතාම වටිනවලු ! (මම නම් හරියටම දන්නෙ නැ )

Unknown said...

ආයිත් අහලා ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එකනම් දැන් 100 පාරක්වත් කියවලා ඇති!!..හික් හික් මමනම් ඔය බ්‍රිතාන්‍ය කවුන්සිලේ නම විතරයි දන්නෙ...එයි කියලා හිතාගන ඉන්න කැම්පස් එකෙ තියනවලු තට්ටු 7ක පුථකාලයක්.මගෙ පොත් කියවිල්ලට හොද කලක් යයි කියල හිතාගන ඉන්නව ඒක හන්ද!!...:P :P...මගෙත් මදි නොකියන්න ගුරු මේසෙටනම් පොත් ගිහින් තියනව හික් හික්..ආයි හම්බවෙන්නෙ සුමානෙකින් විතර

Apzi said...

british council එක කියන්නෙ පොත් දාස් ගානක් තියන ක්ෂේම භූමියක් කියලයි මම කියන්නෙ.. පොත් වලට අමතරව video Membership එකත් ගොඩක් වටිනවා.. තියන ගොඩක් classical movies ඉස්තරම්ම තත්වයේ..library එක ඇතුලේ Internet free
මම ගිහිල්ල නැති උනාට language center එකෙත්..ළමා අංශයේත් සරළ වගේම හොඳ් රසවත් පොත් තියනවා..
memebership එක ගන්නේ නැතුව පොත් කියවන්න විතරක් දවස් ගනන් මම british council එකේ ‍රැඳිලා තියනවා.. කන්න, බොන්න වගේම හොඳ wash rooms තියන නිසාත්.. එන කට්ටිය චාටර් නැති නිසාත් .. පාඩම් කරන්න, පොත් කියවන්න කියාපු තැන...

Unknown said...

@Apzi අනේ එහෙනම් එකේ සිරා පුස්ථකාලයක් වගේ!!..කොහෙද මම හිතන්නෙ ඕකත් තියෙන්න ඕනි කොලඹ හරියෙ තමයි..පොත් බලන්න කියල කොලඹ යන්න සල්ලි නැනේ!! :( :( :(

Apzi said...

මදුශාන්.. ඔයා ඉන්නෙ නුවර කිට්‍ටුව නම්.. නුවරත් තියනවා ශාඛාවක්...

මයියා said...

මයියාටත් ඔය පොත් පිස්සු ව ඔය කියන කාලවලදිම තදේට තිබ්බා.ඊට අමතරව කියවපු පොත් ම නැවත කියවලා තියෙනවා ඕන තරම්..වනගත ලමෝ, පාර දිගේ, සිටුවර මොන්තක්‍රිස්තෝ, ජේන්, වෘකයාඅගේ දවස මේව මයියා දඩ පාරකට වඩා කියව ලා තයතියෙනවා,තාමත් ඒවා හම්බ් උනොත මයියා අයේ කියවනවා..

Unknown said...

@Apzi නැතෝ..මම ඉන්නෙ රත්නපුරේ....නුවරට ලඟදි යන්න පුලුවන් වෙයි කියල හිතනවා..බලමු!!
@මයියා අනිවා බන්..කියොපු පොත්ම ආයි ආයි කියවලා ඇති ඕනි තරම්..ආයිත් කියවනවා හම්බ උනොත්!!...

Shenya de Silva said...

පොත් කියවන එක නම් වෙන්න පුළුවන් ඇබ්බැහි වීම් වලින් හොඳම එකක්. මාත් ඉස්කෝලේ යන කාලේ පොත් හෙන ගොඩාක් කියෙව්වා හැබැයි ඔක්කොම වගේ පුස්තකාල වලින්. ඒ කියවපු පොත් ගොඩ ගන්න ගියානම් මං හිතන්නේ ගෙවලුත් උකස් තියන්න වෙයි. :D ඉස්සර නම් සතියට කතා පොත් පොත් 10 ක් විතර කියෙව්වා. දැන් ඉතින් වැඩියෙන් ස්ටඩි පොත් තමා. පිටු ගැන වැඩි වෙන තරමට පොත් වලට මල පෙරේතයි :D මල්ලි මහජන පුස්තකාලේ සාමාජිකත්වය ගන්න බලන්න. ඒකෙ සති දෙකකට පොත් දෙකක් ගෙනියන්න පුළුවන් , සාමාජික ගාස්තු අවුරුද්දටම රුපියල් 120 ක් විතර වෙන්නේ. හැම පළාතේම එකක් තියෙනවා මං හිතන්නේ. හැබැයි කොළඹ එකෙන් පොත් කියවන්න සති දෙකකට පාරක් කොළඹ ආවත් වටිනවා :D

Unknown said...

@Shenya මහජන පුස්තකාලෙ සාමජික වෙලා තමයි හිටියෙ(රත්නපුර) ඒත් දැන් ඒක දෙකට කඩාගන කොලමක් කරනවනෙ ඒ මදිවට වරිපනම් සහතික ඉල්ලනවා..මට ඒක එපා උනා ඒක හන්දා..!!
මමත් එතින් පුස්තකාල සහ යාලුවන්ගෙ පිහිටෙන් තමා..අදටත් මට අයිති පොත් තියෙන්නෙ 10ක් විතර තමා...පිටු ගැන කතාවනම් ආයිත් අහලා..දවසක් යාලුවෙක්ගෙන් පිටු 1000ක විතර පොතක් ඉල්ලගන ඌ එක දවස් දෙකකින් ඕනි කිව්ව...වෙන වැඩ නැතුව කියෝල දවසින් දුන්නා :P :P...සිහ් දැන් නෑනෙ ඒ වගේ චාන්ස් :P :P

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P