Tuesday, May 10, 2011

දමන්නෙද නැද්ද?? හිතාගන්නට බැරිය

සුපුරුදු පරිදි මා සිංහල බ්ලොග් අඩවි ගනනාවක කරක්,ගසා බස් පාරකුත් පැද,යාලුවෙක් සිටීනම් ජී.එන්. පාරක් දැමීමට බුකිය පැත්තට ගියෙමි,
වෙලාව උදැසන එකට මිනිත්තු කීපයක් වන්නට ඇත,
යාලුවන් කිසිවෙකු ඔන්ලයින් නැත,
රැ තිස්සෙ බස් පැද බ්ලොග් බලා නින්ද නැති කරගන්නට තරම් පිස්සුවක් උන්ට නැතුවා ඇත,
බුකියෙන් ආපසු එන්නට සැරසෙද්දි චැට් මැසේජයක් පොප් උනි,

--"ඔයා කොහෙද?"
මෙ මල රැ මම කොහෙදැයි  අසන එකාට  මට දෙන්නට හිතුනු උත්තරයනම්,
--"පුටුව උඩ" කියාය
නමුත් චැට් කරන්නාගෙ නම දුටු මම පුටුවෙන් අඩියක් පමන උඩ විසි උනි,
"______ thero" සිංහලෙන් කියන්නෙ නම් "______ හාමුදුරුවෝ" ය,
මට මුලින් සිතුනෙ ෆේක් ප්‍රෝෆ්යිලයක් කියාය,
එම නිසා මම ආචාර සමාචාර ගරු නම්බු නාම නැතිව නිකන්ම,

--"_'පුර" කියා ශේප් එකක් දැම්මෙමි,
පසුව සැකය නිසා ඉංගිරිසියෙන්,
--"මේක ෆේක් ප්‍රොෆයිලයක් නේද?" යැයි ඇසීමි,

"නැහැ මම _____ හමුදුරුවෝ" යැයි පිලිතුර ලැබිනි
දැන් මට දෙලොවම නැත,
හාමුදුරු නම් වලින් ෆේක් ප්‍රොෆයිල් හදාසිටින්නෙකුට සිංහලෙන් දෙකක් කිවයුතු නමුත්,
"සිරාවටම හාමුදුරු කෙනෙක් උනොත්?" යන පැනය හිතට වද දුනි,
ඇයි හාමුදුරුවන්ට බුකිය තහනම්ද?,
මම නම් අසා නැත,වැරැද්දක් දකින්නෙද නැත,
මක් කොරන්නදැයි එකල මෙකල වෙමින් සිටියදි තවත් චැට් මැසෙජයක් පොප් විය

--"මම ___හ", චැට් කරන්නාගෙ නගරයය

--"මගෙ ගාව _______වේ ලමෙක් හිටයා",

______ අපෙ නගරයට ආසන්න ගමකි,
මට දැන් ශුවරම නැත,
සිරාවට හාමුදුරු නමක් විය හැක,
නැතිනම් බය නැතිව මා අදුනනවා විය හැකි මිනිසුන්ගෙ නම් නොකියනවා ඇත,
මම කොකටත් ප්‍රොෆයිලය වීව් කර බැලුවෙමි,
ප්‍රොෆයිල් පික්චරයක් නැත
ප්‍රොෆ්යිල් එකෙ මොලො ස්ටෙටසයක් නැත,
ශෙයා කර ඇත්තෙ අනුන්ගෙ ප්‍රොෆයිල් පමනි,
දහම් පාසලට එන ලමුන් විය හැක,
ෆ්‍රෙන්ඩ්ස්ලාද තුන්සිය ගනනක් ඇත,

--"_________________"
අර ලමයා ගැන තවත් විස්තර ටිකකි,
දැන් නැවතත් ඔහු අර ගමෙලූ,
උසස් පෙල දක්වා ඉගැන් ඌවාලු,
මට දැන් අවශ්‍ය මෙම ඔලුවට කඩා වැටුනු සංවාදයෙන් මිදීමටය,
ශේප් න්‍යාය දමමින් ගියෙමි,
බයිටක් ඌවොත් මාත් බේරෙන පරිදි ගෞරවනීය ආමන්ත්‍රන වලින් තොරව චැට මැසෙජ දෙකක් තුනක් ඇරියෙමි,
මම කවදා මෙම ෆ්‍රේන්ඩ් රික්වෙස්ටය කන්ෆර්ම් කලාදැයි මතකද නැත,
මම සාමාන්‍යෙන් ඇහිල්ලක බැලිලක් නැතිව බුකියෙ  ෆ්‍රේන්ඩ් රික්වෙස්ට කන්ෆර්ම් කලෙමි,
එයින් වරක් පාඩමක් ඉගන ගත් පසුවයි එය නැවතුනෙ,
මෙය ඊට කලින් හෙන හදිස්සියකින් කන්ෆර්ම් කල යුත්තක් විය යුතුය,
නැතිනම් නමවත් පෙනිය යුතු නොවෙද?
තවත් මැසෙජ කිහිපයක් හුවමාරු වූ බව මතකය,
බැලීමට බුකිය පැත්තට යා නොහැක,
නැවත චැට ආරම්භ උවහොත් මල කෙලියකි

--"ගෙදර කට්ටිය නිදිද?" තවත් මැසේජයක් පොප් විය,
මලා මේ මොනවද අහන්නෙ?,
කමක් නැත ශේප් විමට හොදම තැනය,

--"ඔවු මමත් නිදියන්න කියලා හැදුවෙ" මම කීවෙමි

--"මමත් මේ නිදියගන ඉදලා ඇහැරුනා" අට අරින බවක් පෙනෙන්නටම නැත....

--"සුභ රාත්‍රියක්" මම ජී.එන්. කිමට නොහැකි නිසා සිංහල ක්‍රමයට ගොඩ දැම්මෙමි,

--"GN" අමු ඉංගිරීසියෙන් පොප් විය,මගෙ කී බොඩ් එක ගලක උලන්නට සිතුනි,

දැන් ගොස් බලන විට අවසානයට තවත් චැට් මැසේජයක් එවා ඇත,
එය කීප ආකාරයකට තේරුම් ගත හැකි නිසා මෙතන නොදමමි.

දැන් පෝස්ටය බලන්නන්ගෙන් මට විවිද චෝදනා පැමිනිය හැක,
"බුදු දහමට නිගා කරනවා"
"මිත්‍යා දුශ්ටිකයා"
"බොරු කාරයා"
කිහිපයක් විය හැකිය,

මගෙ අදහසනම් හාමුදුරුවන්ට බුකිය තහනම් නැති බවයි,
හාමුදුරුවන්ට බුකිය බුදු දහම පැතිරවීමට යොදාගත් හැකිය,
තමන්ගෙ දායකයින් මෙන්ම ස්‍රාවකයින් සම්බන්ද කර ගැනීමට යොදා ගත හැක

නමුත් මේ සිදුවීම මාගෙ හිත සසල කලේ මම සාම්ප්‍රදායිකව සිතන්නෙකු නිසා විය හැක

බැරි වෙලාවත් ප්‍රොෆයිලය ෆේක්නම්,
මා ඒගැන සොයාබැලිමට සිතා සිටිමි,
ෆේක්නම් අවශ්‍ය පියවර ගත හැකිවනු ඇත,

මගෙ හිතේ තිබෙනා ලොකුම ප්‍රශ්නය මෙම පෝස්ටය පබ්ලිශ් කරනවාද නැද්ද කියාය,
උනු හින්දා බොන්නත් බෑ,කිරි හන්දා අහක දාන්නත් බෑ වගේය,
කියලාත් බැරිය නොකියාත් බැරිය,
මොන නම් ගම් තිබුනත් සයිබර් අවකාශයෙ මම ඇනෝය,
පබ්ලිශ් කරන්නට හිත හදා ගතිමි
මෙන්න.....

8 ප්‍රතිචාර!!:

නදී said...

මමත් දන්න අදුරන පොඩි හාමුදුරුවො කීපනමක්ම ෆේස් බුක් එකේ ඉන්නව,එයාල ගොඩක් බුදු දහම පැතිරවීම,දැනුවත් කිරීම වෙනුවෙන් ඒක යොදාගන්නව.බ්ලොග් ලියන හාමුදුරුවරුත් ඉන්නව.දැන් කෙරෙන දේවල් වල හැටියට ෆේක් ප්‍රෙෆයිල තියෙන්නත් බැරි නැනේද හාමුදුරුවොන්ගෙ නමින්,?

Unknown said...

ඔව් මේකන ෆේක් ප්‍රොෆයිල් එකක් නෙවෙයි වගේ....
මෙතන ප්‍රස්නෙ තියෙන්නෙ මම හිතන විදෙයෙ වගෙ,,හාමුදුරුවන්ට ෆේස් බුක් අකැපයි කියලා මෙගෙ යටිහිතෙ ඇති :( :(

kasun said...

හික්..ඔන්න ඔය මගුල් යටි සිතට බංබු ගහගන්න කියපාන් බාන්....

Unknown said...

හික් හික් බෑනෙ බන් :P :P

පන්සල් හංදිය said...

චේතනාහං භික්ඛවේ කම්මං වදාමි .......... චේතනාව කර්මයට මුල් වෙයි .........

Unknown said...

ඔව් ඕක කියලා තමයි මාත් ඉන්නෙ..වැදගත් වෙන්නෙ සිද්දිය නෙවෙයි අදහස

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මිනිස්සුන්ට කැම බෙදනවයි කියල උඩින් ඇවිත් හාල් ගෝනි පිටින් අතැරියොත් මොකක් වෙයිද ? සමහර විට මිනිස්සු කිහිප දෙනෙකුට වත් හානි සිද්ද වෙන්න ඉඩ තියනව , ආගම ප්‍රචාරනයට ෆේස්බූක් යොදා ගැනීමත් ඒ වගේ , හැබැයි බ්ලොග් එකක්/ වෙබ් අඩවියක් නම් හරි විදිහට කල්පනා කාරීව භාවිතා කරන්න පුලුවන්

Unknown said...

හ්ම්ම්ම් ඒ කතාවෙත් ඇත්තක් තියනවා......

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P