Friday, May 6, 2011

මගේ ඇබ්බැහි?? -පරිගනකය-

මගේ තවත් (ලොකූම!!)ඇබ්බැහියක් තමා මෙන්න මේක!!
මේකනම් සිරාම ඇබ්බැහියක් වෙලා තියෙන්නෙ දැන්...පැය 24ට පෝඩ්ඩක් අඩුවෙන් මේක ඉස්සරහ තමයි වාඩිවෙලා ඉන්නෙ.
හ්ම්ම්ම්ම් පටන් ගන්නෙ කොහෙන්ද?..

හරි මතක් උනා..දහම් පාසල් යන දවස්වල(හ්ම්ම්ම් 6 වසරෙදි විතර මතක විදියට).එක ඉරිදා දවසක දහම් පාසල් ප්‍රධාන ආචාර්යතුමිය අපිට විශේශ නිවෙදනයක් දිලා(කටින් හොදේ පන්තියක් පන්තියක් ගානෙ ගිහින්.ලමයි 150ක් විතරනෙ හිටියෙ) කියනවා.
"පරිගනක අද්‍යාපන ආයතනයකින් සිස්වත්ත වගයක් දිලා තියනවා කැමති අය ඇවිත් නම් භාර දෙන්න" කියලා.

අපෙන් හුඟක් අය පරිගනකයක් හතරැස්ද?,ඒක වැඩ කරන්නෙ රැටද?,හුලන් ගහල පුම්බන එකක්ද කියලවත් දන්නෙ නැ :P :P..කොටින්ම කියනවනම් මුකුත්ම දන්නෙ නැ(ඔය හුඟක් අයට මාත් අයිතී හොදේ!!)...
ඉතින් ඔය මුකුත්ම දන්නෙ නැති එක ඉගන ගන්නවා කියන්නෙ මැජික් වගේ වැඩක්නෙ.තනියම තීරන ගන්න හොද නැති හන්දා ගෙදර ඇවිත් අම්මගෙනුයි තාත්තගෙනුයි අහලා.අරකට නම දැම්මයි කියමුකො..

ඉතින් නම දාලා මාසෙකට විතර පස්සෙ පරිගනක පාටමාලාව පටන් ගත්තා..ආයතනය තමයි "Tec Sri Lanka" කියන එකෙ අපෙ නගර ශාකාව..මට හරියටම කාලය මතක නැති උනත් අවුරුද්දක සති අන්ත පාටමාලාවක් මම හිතන්නෙ..ඒකෙ පරිගනක 20ක් විතර තියන A/C කරපු පරිගනක විද්‍යාගාරයක් තමයි තිබුනෙ(පරිගනකනම් ගන්න දෙයක් නැ!!..125MB HDD,WIN 98 ඒ දවස් වල රැම් ප්‍රොසෙසර් තියනව කියලා කියා දුන්නට ඒවා මොනවටද කියල තෙරුනෙ නැ ඒක හන්දා එවා මතක නැ :P :P).

ඕක ඇතුලට යන්න  සපත්තු සෙරප්පු ගලෝලා වැඩ ගොඩක් කරලා දොර ගාව කොල අත්තක් එහෙම එල්ලලා තමා ඇතුලට යන්න ඕනි ලොල්..
ඕකෙදි අපි කරපු වැඩ ලිව්වොත් පෝස්ට් එකට වෙන නමක් දාන්න වෙනවා..ඒක හන්දා ඇබ්බැහිය ගැන කියන්නම්..
ඔය කොහොම උනත් අපිට ඕකෙදි පරිගකය පාවිච්චි කරන්න වෙන්නෙ සති අන්තයෙ පැය 2කකට විතරනෙ..ඉතින් ඉච්චර ගතියක් නැ!

ගතිය ආවෙ ඉස්කොල වලට ICT කියලා විශයක් හදුන්වලා දිලා පරිගනක විද්‍යාගාරයක් අපේ ඉස්කොලෙට ලැබුනට පස්සෙ තමා!!!(මෙ පරිගනක 256MB ram,1 GHz processor,40GB HDD සහ ඔක්කොටම එකයි 1MBps slt ඉන්ට'නෙට් කනෙක්ශන් එකකුත් එක්ක.)

ඕවා ආපු දවස්වල අපිව පරිගනක විද්‍යාගරයෙන් එලියට ගන්න හරි අමාරුයි..ඒ උනාට හිටපු ස'ර් හෙන අයිසා උගන්නනෙම නැ!..අපිට පරිගනක දාගන්න කියල යනවා රෝන්දෙ ගහන්න :P :P..

අපි ඉතින් අර පරිගනක වලට කරන්න තියන ඔක්කොම කරනවා.කරලා බලනවා මොකද වෙන්නෙ කියලා..
BIOS පාස් වර්ඩ් දාල මතක නැති වෙනවා අන්තිමට ස'ර් ට ඔන් කරන්නත් බැ!...මිනිහා දන්නෙ නැ සීමොස් රිසෙට් කරන්න ජම්පර් එකක් තියනව කියල!.අන්තිමට පන්තියෙ ඔය දන්න එකෙක් ඉදලා තමයි රීසෙට් කලෙ..

ස'ර්ව කොයිල් කරන්න අපි කරන ජනප්‍රියම වැඩෙ තමා BOOT.INI එක වෙනස් කරලා අර සිස්ටම් කීපයක් තියනවා වගේ පෙන්න හදන්න පුලුවන් එක.අපි 15ක් විතර හදලා තියලා එනවා..ස'ර් අනිත් දවසෙ අපෙ ජාතිය අමත්නවා(ඒත් අම්මලා තාත්තලා බලනව ඇති කොල්ලො ටිකට ICT තියන දවසට කිඹුහුම් යන්නෙ ඇයි කියලා ලොල්)..

ටික දවසකින් ඉස්කෝලෙ පරිගනක වල වේගය අඩු වෙන්න පටන් ගත්තා වයිරස්,හාඩ්වෙයා ප්‍රෆෝමන්ස් අඩු විම වගෙ ඒවා හන්දා(අහන්න එපා දැන් 256 රැම් එක 128 වලට බැස්සෙ කොහොමද කියලා!!!)..
ඉතින් ඒකත් එපා උනා..

පස්සෙ මටම පරිගනකයක් ඕනි උනා..නහයෙන් අඬ අඬා ඉද්දි ඉස්කොලෙ A/L පන්ති පටන් අරන් මාස 5කින් විතර  මගෙ අදහාගත නොහැකි O/L ප්‍රතිපලය වෙනුවෙන් මට පරිගනකයක් හම්බ උනා(1GB ram,160GB HDD,2GHz@2 cpu)..

ඊට පස්සෙ තමයි තාත්තට හිතෙන්න ඇත්තෙ මූට පරිගනකෙ අරන් දීපු සල්ලි වල බල්ලන්ට ආප්ප අරන් දුන්නනම් නියමයි කියල.ඇයි මම වහන්සෙ හැම වෙලේම ඒකට අරක් අරගෙන...ඉස්කෝලෙ වැඩ නැ,පොතක් පතක් බලන්නෙ නැ,අඩු තරමෙ TV බලන්නෙත් නැ!

එක්කො 1950 විතර අවුට් වෙච්චි ගේම් එකක් ගහනවා නැත්නම් ෆිල්ම් එකක් බලනවා!!..
දැන් තමා  නියම ඇබ්බැහිය වෙලා තියෙන්නෙ..අන්තර් ජාල සම්බන්දතාවය ලබාගැනිමත් එක්කම..ඒ ගැන පස්සෙ මට නිදි මතෝ!!!!

8 ප්‍රතිචාර!!:

පන්සල් හංදිය said...

ලියල තියෙන්නෙ සහතික ඇත්ත ............

Unknown said...

අනීවා ජීවන අත් දැකීම් බොරු වෙන්නෙ කලාතුරකින්නෙ!!..දැන් අහන්න එපා නිදි මතයි කියලා තාම නිදි නැත්තෙ මොකද කියලා..:P :P
තැන්කූ මගෙ බ්ලොගෙ පැත්තෙ ආවට!! :)

kasun said...

අඩෝ ....අපේ ජෝතිරත්න සර්ට එහෙම බනිනව නෙවෙයි ..........
පට්ට ඇත්ත මස්සිනා........:P

Unknown said...

අඩෝ නම් කියන්න එපා බන් :P :P හරි නැනෙ..මොනව උනත් ඉතින් එල ඩයල් එකනෙ

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

ඔය ලෙඩේ වැළඳුන් අළුත ඔහොම තමා මලේ... අපිත් ඔහොම හිටියා... මතකයි...!!!

අම්මපා ඒ දවස් මතක් වෙද්දිත් පිස්සු වගේ. කොටින්ම කිව්වොත් මමයි කොම් එකයි ඉතුරු වෙලා ලෝකෙම විනාශවෙලා වගේ. අම්මා බත් කන්න අඬ ගැහුවත් මල පනිනවා ඕං...

හැබැයි මලේ එකක් !!! ඕකට ඔළුව ඔබන් ඉඳලා මොලේ එහෙම නරක් කරගන්නවා එහෙම නෙවෙයි. ඔය කාලා දාන කාලෙන් ඉස්සරහට වැඩ ගන්න මොක හරි කොරන්න බලපන්... එතකොට මලයගේ ළමයෙක්ට වත් කියන්න ඇහැක් නොවැ මම ඒ දවස් වල මෙහෙමයි කොලේ කියලා.

මං වගේම අළුත් බ්ලොග් කරුවෙක් වෙච්චි ඔයාට දිගු ගමනකට සුභ පැතුම් !!! ජය වේවා...

Unknown said...

@චතුරංග ආයිත් අහලා කන්න කතා කරත් මල පනිනවා තමා...වෙන වැඩක් නැති හන්දා තමයි මේකෙම ඉන්නෙ...
ඔයත් අලුත් බ්ලොග් කරුවෙක්ද??..එහෙනම් දිගු ගමනකට සුභපැතුම්!!

නදී said...

හික් හික් මමත් දවසින් ගොඩක් වෙලාවක් ඉන්නෙ මගෙ ලැපා ඉස්සරහ තමයි.මේක ඇත්තටම ඇබ්බැහියක්.නැතුව ඉන්න බැරි තත්වෙට පත්වෙලා ඉන්නෙ දැන්.

Unknown said...

@නදි අපිට කොයින්ද බූල් බල්ලො,අපිට ඉතින් ඩෙස්ටොප් තමා..අනිවා ඇබ්බැහියක්!! :P :P නැතුව දවසක් හිටියොත් පිස්සු වගෙ :) :)

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P