Wednesday, May 18, 2011

වෙසක් නම් මරුය..!!

වෙසක් ගැන කියන්නට පෙර මට කියන්නට යමක් ඇත,
මම ඊයෙ දිනයේදී අපට දෙන නායකත්ව පුහුනුව ගැන මම දැමූ පෝස්ටුවට කොහෙදැ නැති ඇනෝ කොමෙන්ට් කාරයින් කිහිප දෙනෙක් දේශපාලනය ගාවා තිබේ..
මම දේශපාලනයට නැත,එයට කැමති නැත,අවශ්‍යද නැත මම කතාකලේ එම වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදි කර ඇති සංවිදානාත්මක වැරදි ගැන ලිවීමයි...
එම නිසා මින් පසු මගෙ බ්ලොගයෙ කොමෙන්ට් කරන්නන් දේශ පාලනය ගාවා නොගත්තාට කම් නැත,

හරි දැන් වෙසක් වලට
ඊයෙ වෙසක්ය!
යාලුවන් සෙට් එක සමග උදේම රවුමක් යාමට සෙට් උවත් එක් යාලුවෙකුට පන්සලෙ දානේ බෙදීමට යා යුතු බව කී නිසා වැඩෙ දෙල් විය,
එම නිසා කරගන්නා පිනක් ඌවත් කරගත්තාවේ යැයි සිතා අපි රවුම නොගැසුවෙමු,
හවස් භාගය වන විට එක් යහලුවෙකුට දේවාලෙ යාමට ඕනැ විය..(මෙහි පන්සලක්ද ඇත..දන්නො දනිති!)
ගෙදරින් පනින්නට බලා සිටි මට මෙය ඉබ්බා දියට දැම්මාම ඇන්නැවේ කියන්නා සේ උනි,

ඉතින් අපි ගියෙමු..
එකෙක් ගෙදරින් කා ඇවිත් නැත...
මූට දවල්ට කන්නට ඕනැ වී තිබිනි :P
අපි දැන් දන්සලක් සොයමින් යමු..
බත් දන්සලක් කෙසේ වෙතත් අපට බෙලිමල් වතුර දන්සලක් හමු විය..
බෙලිමල් වතුර පොල්කටු වලට දමා හකුරු කැල්ලක්ද දෙති :P :P
ඉතින් අපි බොන්නට පටන් ගත්තෙමු...
අර බෙලිමල් වතුර වලින් බලා ඉද්දී දුම් දමයි,
තේ එකද පැයක් පමන නිවෙන්නට හැර බොන මා කෙසේ වෙතත්,බඩගින්නෙ හිටි එකා දෙපාරක්ම ඉල්ලාගන බිව්වේය :P

දැන් අරූගෙ බඩ ගින්න ටිකක් හරි බැවින් අපි දේවාලය කරා ගියෙමු..
යන විට එතන අලි පෝලිමක් තිබිනි
පෝලිම මොකක්ද දාතුවක් බලන්නලූ....
අප්ට එය බැලීමට අවශ්‍ය නැති බැවින්
අපි පෝලිම මග හැර වෙන පාරකින් ගියෙමු..
ගොස් පඩිපෙලක් අල්ලාගන වාඩී වී සිටි අපෙ අනික් යාලුවන් සෙට් එක සොයා ගතිමු,
 මුං මල් පහන් සුවද දුම්,තෙල් ආදී සියල්ල ගෙනවිත් තිබුනෝය,
එකෙකු කීවෙ පොල්තෙල් කාලට රු 80ක් ගත බවත්..දැන් අප පිං කැට වලට රු 10,20 දමනවාට වඩා පහන් වලට තෙල් දැමීම සුකොපභෝගි පිනක් බවත්ය,

එකෙකුට පොටො උන්මාදය සැදී තිබිනි...ඌ සැම්සුන් වරගයෙ ජංගමයක් හතර අතේ අල්ලමින් පොටෝ ගත්තේය..බුකියට දමන්නලූ!!

හරිය අපි බුදුන් වදින්නට ගියෙමු..
එහි බුදුන් ඇත්තේ නමටය ..ඉතා කුඩා කුටියක ඇති බුදු පිලිමයට වැදීමට ගොස් හුස්ම හිරකර නොගෙන බේරුනේ අමාරුවෙනි..මම හිතන අන්දමට එම කුටියෙ වැඩි පුර ඇත්තේ දහඩිය වාශ්ප විය යුතුය,

ඉන් පසු දෙවියන් වදින්නට ගියෙමු..
එතන දෙවියන් වදින්නට අලුත් ගාතාවක් දමා තිබිනි
ඒ "ජංගම දුරකතන ක්‍රියා විරහිත කරන්න" යන්නයි :D :D

ඔක්කොම වැද පහලට බැස බෝදිය වදින්නට ගියෙමු,
අපෙ එකෙකුවත් රැ දෙගොඩ හරි ජාමයෙ නින්දෙන් නැගිට ගෙදර මල්ගස් ටිකට වතුර දමන එක ඇරෙන්නට ගසකට වතුරනම් දමා නැත,
නමුත් මුං ටික ඔක්කොටම බෝ ගසට වතුර කල පිටින් දමන්නට ඕනැ වූයේය,
මම ඔය කතාව උන්ට කී විට උන් ටික මගේ ඇගට ගොඩ ඌවෝය,
මමද කලයක් ගෙන බෝ ගහට වතුර දැම්මෙමි..

දැන් වැඩේ හරිය...නැවතත් අර පඩිපෙල මතට ගොස් කතාවක් දැම්මෙමු,
දැන් මුන්ට ඇති ප්‍රශ්නය දෙවියන් චුත වන්නෙ කෙසෙද කියාය
එකෙකු කීවෙ දෙවියන් ජංගමදුරකතන ජාල වැනී ජාලයක් හරහා චුත වන බවයි,
නෙට් වර්ක් බිසී වූ විට දෙවියන්ට පයින් යන්නට සිදුවේ!!

තවෙකෙකුට අනුව දෙවියන් කොහේවත් යන්නෙ නැත...දෙවියන් කොහෙවත් යන්නෙනම් ලංකාවෙ එක දෙවියෙකුට ඇති දේවාල ගනන බැලූ විට දෙවියාට යනවා ඇරෙන්නට වෙන වැඩක් නැති වනු ඇතැයි ඔහු කියයි..දෙවියන් ඒ වෙනුවට පියන් කෙනෙකු යවනවාලූ...මට හිතෙනා හැටියට දෙවියන්ට මාර විදියට සල්ලි තිබෙනවා ඇත,
ඇයි මේ පියන්ලාට පඩි ගෙවීමට?...කීයක්ද!!

හොදම දර්ශන ටික දැක්කෙ ඉන් පසුවය,
කෙල්ලෝ පෝය දවස බැවින් "සුදු" ඩෙනිම් ගසා දේවාලයෙ එති,
ඒකත් පුක පැලෙන්නටය!!
අපිද හොද හැටි වෙසක් බලා ගත්තෙමු..
නොදෝකිං මුංට පෝයටවත් ගවුමක් අදින්නට බැරි හැටි!!....

තව බහුරූ කොලං දුටු නමුත පෝස්ටය දිග වැඩිය...
පස්සේ දමමි!!

10 ප්‍රතිචාර!!:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මොකක්ද දේවාලෙ සමන් දේවාලෙද ?

Unknown said...

හි හි යා යා...කොහොමද දැන ගත්තෙ?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මමත් රත්නපුරේ තමයි මල්ලි .. ඔය බුදුගේ හෙන පරණ එකක් ඒකයි චූටි

Unknown said...

අහ්!! රත්නපුරෙ අයියා කෙනෙක් අදුනගන්න ලැබිම සතුටක් :D.....ඔව් ඔව් දේවාලෙත් සැහෙන්න පරනයිනේ!!

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

//නොදෝකිං මුංට පෝයටවත් ගවුමක් අදින්නට බැරි හැටි!!....//

අපි ඒකනේ පන්සල් යන්න කැමති නැත්තේ...:P

Unknown said...

හෙ හෙ පන්සලේ ඇති වැරැද්දක් නැ අප්පා...මේ සමාජෙ තමා වැරැද්ද තියෙන්නෙ..
මම ඔය කෙල්ලො ගැන විතරක් කිව්වට,
මම ගෙදරින් ටී එකක් දාගන කලිසම ගහගන යනවා විතරක් උනාට(අම්මගෙන් බැනුම් අහ අහ කොන්ඩෙවත් පීරන්නෙ නැතුව)
අනිත් කොල්ලොත් ඔහොමම තමයි...මුන් මල් ආසනේ ගාව ඉන්න කොට රටේ නැති සුවද ටික ඔක්කොම එනවා :P :P උන් ගියාම මෙලෝ සුවදක් නැ...
ඒක විවෙචනය කරනවා වෙන දවසක..දැන් කලොත් කොමෙන්ට් එක පෝස්ට් එකක් වෙනවා :P :P

හරී said...

"කෙල්ලෝ පෝය දවස බැවින් "සුදු" ඩෙනිම් ගසා දේවාලයෙ එති"

ඔව්වා දැකලා අපි කොහොමද නිවන් දකින්නෙ...

Unknown said...

@හරී අම්මපා..නිවං ඕන් නැ!!

පන්සල් හංදිය said...

මොන මඟුලකටද කෙල්ලන්ගෙ අහවල් ඒවා බලන්න ගියේ .... ගිය වැඩේ කොරගෙන ආවනං ඉවරයිනෙ ....

Unknown said...

හික්෴෴ උන් පෙන්නෙගන යද්දි නොබාලා කොහොමද??ආආආආආආ පවුනෙ

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P