Sunday, May 8, 2011

ගුගල් බස් පැදිමට කැමති සියලුම අලුත් අයටයි..(මම වගෙ!!)

මමනම් ඉතින් බ්ලොග් අවකශෙට ආවෙත් ලඟදිනෙ...
බස් පදින්න ගියෙනම් මෙහෙමයි...

කට්ටිය ඔය බ්ලොග් කොමෙන්ට් වල බස් බස් ගගා හිටියට මට මෙලො දෙයක් තෙරුනෙ නැ...
මම මුලින්ම හිතුවෙ මේ කියන්නෙ බ්ලොගර් ඩැශ්බෝඩ් එකෙ තියල බ්ලොගර් බස් කියල..
එකෙ තියෙන්නෙ බ්ලොගර් එකෙන් කරන වැඩ ගැන විස්තරනෙ..ඒකෙ පදින්න තරම් දෙයක් නැනෙ..

දැන් මක් කරන්නද...මම වැඩෙ අල්ලලා දාලා නිකන් හිටියා.

පස්සෙ තමයි දැක්කෙ ජී-මෙල් එකෙ තියන බස් එක(Buzz) මේක පෙන්නනම් ජී-මේල් එකට ලොග් වෙලා  standard view එකෙන් ඉන්න ඕන එතකොට ලස්සනට  මෙන්න මේ වගෙ පේනවා,
ටැබ් එක උඩ කොටලා ඒකට යන්න..
ඊට පස්සෙ ඒකෙ තියන එකම ටෙක්ස්ට් බොක්ස් එක උඩ(මීට කලින් බස් පැදලා නැත්නම්) කොටන්න..කොටපුවාම අහනව ගූහල් බස් ප්‍රොෆයිල් එක හදන්නද කියල..ඒ එන සංවාද කොටුවෙ(Dialog box) අහලා තියන තොරතුරු දීලා ප්‍රොෆයිල් එක හදාගන්න..

දැන් වැඩේ හරි.. :) :)

:P :P කොහෙ හරියන්නද පස්සෙන් යන්න කට්ටිය(Followers) නැත්නම්.මෙලෝ තෙරුමක් නැනෙ..අපි දාන බස් එකකට නගින්නවත්.අපිට වෙන කාගෙ හරි බස් එකකකට නගින්නවත් පුලුවන් වෙන්න අපි පස්සෙන් යන කට්ටිය හරි..අපේ පස්සෙන් එන කට්ටිය හරි ඉන්න ඕනි

ඒකට කරන්න තියෙන්නෙ දැන් යන අපේ කට්ටියගෙ බස් එකට(කොටන්න්න) නැගලා එතන ඉන්න අයගෙ පස්සෙන්(නම උඩ කොටලා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගිහින් "Follow" කියන එකට කොටන්න) යන්න..

ඊට පස්සෙ ඒ කෙනෙක් පස්සෙන් යල ලිස්ට් එක ලෝඩ් කරගන්න (‍‍‍xxx has 123 followers කියන තැන හරි ‍‍‍xxx is following 200 කියන තැනක කොටලා) එතන ඉන්න අයගෙන් කැමති අයගෙ පස්සෙන් යන්න(Follow මම නම් කලෙ එක් කෙනෙකගෙ ලිස්ට් එක ලෝඩ් කරගන යුනිකෝඩ් වලින් නම් දාලතියන ඔක්කොම පස්සෙන් ගියා :P :P)

දැන් නම් වැඩෙ ටිකක් හරි..අර පස්සෙන් ගිය අය සමහර වෙලාවට ඔයාගෙ පස්සෙනුත් එයි ඔයාලාට උදව්වක් විදියට..දැන් යන බස් එකට නැගල කොමෙන්ට් එකක් එහෙම දැම්මාට පස්සෙ තව කට්ටිය ඔයගෙ පස්සෙන් එයි..උදව්වක් විදියට ඔයාලත් එයාලගෙ පස්සෙන් යන්න අමතක කරන්න එපා.!!!

ප/ලි-මෙහෙම පන්ඩිත කම් කියෙව්වෙ කිප දෙනෙක් මගෙන් බස් පදින්නෙ කොහොමදැයි අසා සිටි බැවින් හා,
මම මේ ඊයෙ බස් පැදීමට සෙට් ඌවෙකු මිසක බස් පැදීම පිලිබද විශාරදයෙකු නොවන බවත්,කිසියම් වරදක් ඇත්නම් කරුනාවෙන් පෙන්වා දෙන ලෙසත්,බස් පැද ඔබගෙ කාලය නාස්ති ඌවාට මගේ වගකිමක් නැති බවත්(අතිශයින්ම ඇබ්බැහි කාරක වන බැවින්!!) පෝසටය කියවා අහවර වී ඔලුවට ගනු මැනවි!!! :P :P

14 ප්‍රතිචාර!!:

Anonymous said...

Thanks Brother wade pahadili ............
( sameera ) , Anonymus damme lesiyata

kasun said...

පට්ට තමා මචෝ....මටත් මේ මගුල තේරෙන්නේ නැතුවනෙ හිටියේ.......හික්...!!

said...

මන් නම් හතුරෙකුටවත් බස් පදින්න නම් කියලා දෙන්නේ නැහැ ඒතර්ම්ම ඇබ්බැහි වෙන සුළු දෙයක් නිසා. :-D

Unknown said...

@sameera එල එල
@චතු ඕකට ඇබ්බැහි වෙනවා බන්
@ම ඔව් ඔව් ඒකනම් ශතික ඇත්ත

සෝරෝ said...

ඔන්ලයින් කුඩු ගැසීම.......... :D

Unknown said...

ඔන් ලයි කුඩු නෙවෙයි ඊට වඩා සැහෙන ඇබ්බැහි කාරකයක්!! :P :P

Ayesha said...

hehe that's very true.. :))


Sinhala Music Videos, Online Watch, New songs, Sinhala songs,Online watch videos ,
Sinhala Music ,Sinhala videos, Hindi music Videos, Hindi movie songs, Hindi Songs


Download music albums , videos and audios...
Sinhala songs , English Songs, Hindi Songs.. Any Song Free Download...100% FREE


Do you like to Enjoy?
A collection of interesting articles , Read nice things here
Funny , Tragedy stories, Love stories, Love Quotes , Life Quotes, Allegory,
Fairy tales, Friendship , Something to learn for life.

Unknown said...

@අයෙශා මොනවාද අප්පා ඔය කොමෙන්ට් එකට පහලින් වැටිලා තියෙන්නෙ :P :P

නයට ගත් ජීවිතය said...

apita pissu neda......... suddo hoyayagannawa apit purudukaranawa

Unknown said...

ඔක මෙහෙමනෙ සුද්දා ඕක හැදුවෙ ශෙයා එකක් දාපුවාම කොමෙන්ට් එකක් 2ක් දාල වැඩෙ කරගන්න.නාපෙ උන බස් එක කැඩෙනකන්ම් කොමෙන්ට් දාල තව බස් 4ක් 5ක් කඩනවනෙ ලොල්

-HacKrisH- said...

සත්තයි... මට නම් බස් මෙලෝ රහක් නෑ. මොකද මන්දා???

Unknown said...

හික්ස්!!...කාලයෙන් වැඩක් ගන්න මිනිස්සුන්ට ඒකෙන් එච්ච්රම තේරුමක් නැතුව ඇති..අපි නිකන් ගෙදරනෙ :P :P

පන්සල් හංදිය said...

සෑහෙන්න වැදගත් දැනුවත් කිරීමක් ...... එලකිරි .........

Unknown said...

අනිත් කට්ටිය කිව්ව ඒවනම් ඔය උඩින් තියෙන්නෙ..හැබැයි ඒවා ඇත්ත වගෙ..

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P