Friday, May 20, 2011

හාමුදුරුවනේ!!!

වඩී ආරන්‍යයෙ හාමුදුරුවෝ,
පිඬු සිඟා ගෙදරටම,
දින තුනක්ම වැඩ,
තෙවැනි දිනයේ,
කියා දෙයි පාඩමක් ජීවිතයටම,
අපි වදී ඉන නවා එකවරක්,
"හාමුදුරුවනේ!!!"

පන්සලේ හාමුදුරුවො,
දකී අපි එක්දිනක්,
මාසෙටම,
කොහෙද,
"හාමුදුරුවන්ට වැඩට වඩින්න තියනවානෙ!!",
එහෙත් අප වඳි,
පන්සලේ හාමුදුරුවන්ට,
නවා දන නොව,
සියලුම හන්දි,
වැටී වැඩ දැමූ රතු පලස මත,
නව පොලක් බිම ගාවා,
"අනේ අපේ හාමුදුරුවනේ!!!"

2 ප්‍රතිචාර!!:

පන්සල් හංදිය said...

චේතනාහං භික්ඛවේ කම්මං වදාමි ...... චේතනාව කර්මයට මුල් වෙයි .........

බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ මහා සංඝරත්නයට වඳින්න කියලා ......

ඒක නිසා හාමුදුරුවො ගමේ පන්සලේ වුනත් ........ පිඞුසිඟා වඩින හාමුදුරු කෙනෙක් වුනත් අපිට වැඩක් ඇතත් නැතත් මහා සංඝරත්නයට වඳිනවා කියලා හිතලා වැන්ඳ නම් හරි ..........

Unknown said...

හිහ් හිහ්... :P :P මම කිව්වෙ අපේ මිනිස්සු වදින හැඟිම වෙනස්..දෙන්නට...

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P