Wednesday, May 11, 2011

ලොකල්හොස්ට් මත වර්ඩ්ප්‍රෙස් හෙවත් මමම ලියා මමම බැලීම

මාව අදුනන කට්ටිය ටිකක් දන්නවා මට ලාවට පිස්සු කියලා :P
ඊයෙ උදේ පාන්දර මම දැක්කා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් සොෆ්ට්වෙයා එක දාල හදලා තියන බ්ලොග් සර්වර් එකක්,
මටත් හිතුනා එකක් හදන්න :P :P,
ඒත් ඉතින් මට බ්ලොගර් බ්ලොග් එක ඇති,
ඒක හින්දා ටික කාලෙකට කලින් ආපු අයිඩියා එකක් කරලා බලන්න හිතුනා,
මගේම පරිගනකය සර්වරයක් බවට හරවන එක,
ටිකක් විතර වෙලා යන වැඩක්,
වින්ඩෝස් මත මේක කරන්න,
මුලින්ම ඇපාචේ හෝ IIS වගේ සර්වර් සොෆ්ට් එකක් දාන්න ඕනි,
ඊට පස්සෙ ඩෙටාබෙස් එක විදියට MYSQL වගේ එකක් දාල,
වෙබ් ප්‍රොග්‍රැම්ස් හුඟක් දුවන්න ඕනි වෙන PHP වගෙ ප්‍රොග්‍රැමිං ලැංවෙජ් රන් ටයිම් එකක් දාලා,
ඔක්කොගෙම සෙටිංස් ගැලපෙන්නත් හදන්න ඕනි,
හැබැයි ඉතින් ඉන්ටනෙට් තියන හන්දා ඕවා එච්චර අමාරුත් නැ..:D
හොයගන්න පුලුවන් ටියුටෝරියල ගමක,
නමුත් ඊට වඩා හොද විකල්පයක් තියනවා බොහොම ලේසියෙන් කරන්න පුලුවන්.
ඒ තමයි wampserver !
වැම්ප් සර්වර් කියන්නෙ අපිට බොහොම ලේසියෙන් සර්වරයක් හදාගන්න ඉඩදෙන සෝෆ්ට්වෙයා එකක්,
මේක අර කලින් කියපු ඇපාචෙ,MYSQL සහ PHP මෙන්ම තවත් සර්වරයක් සදහා ඕනි වෙන දහසකුත් එකක් වැඩ කැලි එකට පැක් කරලා අපිට පහසුවෙන් සර්වරය නඩත්තු කරන්න ඉඩදෙන ලස්සනට හදපු සොෆ්ට්වෙයා එකක්,
වැම්ප් සර්වරය දාගත්තාම අපිට සර්වරෙ හදන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ,
ඕනිනම් ඔය කලින් දීපු ලින්ක් එකෙන් ගිහින් අලුත්ම ස්තායි සංස්කරනය බා ගන්න(මම හිතන්නෙ මේකෙ ඉන්ස්ට්‍රොලරෙ අලි 10ක් විතර දාල තලලා ඒකත් දෙකට වගේ බෙදලා ඇත්තෙ..මොකද මම බාපු ඉන්ස්ට්‍රෝලරෙ 20mb විතර ඉන්ස්ට්‍රොලෙශන් එක 200mb වලට වඩා ආව..ඕෆ්ල්යින් ඉන්ස්ට්‍රෝලර් එකක් :P :P)
ඊට පස්සෙ ඉතින් ඒක උඩ ඩබල් කිලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරගන්න,
එච්චර තමා සර්වර් කතාව,
ඊට පස්සෙ ස්ටට් මෙනු එකෙන් start Wamp Server කියන එක හොයලා ක්ලික් කරපුවාම ටිකවෙලාවකින් සර්වරෙ වැඩ,
දැන් වෙබ් බ්‍රව්සරෙන් ගිහින් http://localhost/ හරි 127.0.0.1 හරි ගහලා බලන්න,
එතකොට එන්න ඕනි වැම්ප් සර්වර් හෝම් පේජ් එක..මේක මාරුකරන්නත් පුලුවන්,
ඒක පස්සෙ බලමු!!

දැන් සර්වර් වැඩේ හරි,
ඊට පස්සෙ මම කලේ වර්ඩ් ප්‍රෙස් සෝෆ්ට්වෙයාඑක ඩවුන් කරපු එක මෙතනින් ගිහින්,
ඕක ඉතින් සෝෆ්ට් වෙයා එකක් කිව්වට .zip ෆයිල් එකක්,
ඒක ඇතුලෙ තියෙන්නෙ EXE කැල්ලක් එහෙම නෙවෙයි,PHP ෆයිල් ගොඩක්,
මේක වෙබ් සොෆ්ට් වෙයා එකක්නෙ,
ආආ තව එකක් ඕකෙ සිංහල සංස්කරනයකුත් තියනවා,
මෙතනින් ඒක බාගන්නවා වගේම ඉන්ස්ට්‍රොලෙශන් එක ගැන සිංහලෙන් විස්තර ලබා ගන්නත් පුලුවන්,
මම හිතන්නෙ ඕක සිංහලට හැරවීම අපේ අයියල සෙට් එකකගෙ වැඩක් වෙන්න ඕනි..මමනම් දන්නෙ නෑ කවුද කියල.අගය කලයුතු වැඩක්!!
හරි හැබැයි ඉතින් ඕකෙ තියන විදිය අපේ වැම්ප් සර්වරෙත් එක්ක පෝඩ්ඩක් අවුල්,
මොකද එතන කියලාතියෙන්නෙ ඇත්තම සර්වරයක් හාවිතයෙන් කරන හැටි,(වැම්ප් එකත් ඉතින් ඇත්ත වගේ තමයි :P :P)

හරි දැන් කොහොම හරි ඔය ඉංගිරිස් වර්ඩ්ප්‍රෙස් එක හරි සිංහල වර්ඩ්ප්‍රෙස් එක හරි බැවාය කියමුකො,
ඊට පස්සෙ
ZIP ෆයිල් එක ඇතුලෙ තියන wordpress කියන ෆෝල්ඩර් එක,අර අපි කලින් වැම්ප් සර්වරය ඉන්ස්ට්‍රෝල් කරපු තැන තියන WWW කියන ෆෝල්ඩරය ඇතුලට ඩ්‍රැග් ඇන් ඩ්‍රෝප් කරන්න..(තේරුනානෙ??ඇදලා දාන්න :P :P)
ඒ වැඩෙත් හරිය කියමුකො,
හරි දැන් අපි wordpress සදහා ඩේටා බේස් එක හදාගන්න ඕනි,
ඒකට බ්‍රව්සරෙ ඇඩ්‍රස් බාර් එකෙ ගහන්න http://localhost/phpmyadmin/ කියලා,
එතකොට ඕපන් වෙනවා PHPMYADMIN කියන ඩේටාබේස් පාලක වැඩ සටහන වැම්ප් සර්වරෙත් එක්ක එන,
ඒකෙ

MySQL localhost

යටතෙ තියන 
 
කියන තැන තියන ටෙක්ස්ට් බොක්ස් එකට ඩෙටාබේස් එක සදහා කැමති නමක්(උදා:mydb) දෙන්න,
ඉස්සරහා තියන ලිස්ට් බොක්ස් එකෙන්(collation කියලා තෙරිලාතියන එකෙන්) තොරන්න utf8_bin කියන එක,
ඊට පස්සෙ ඉතින් create කියන එකට කොටන්න,:P :P
හරී ඩෙටාබේස් සෙල්ලනුත් ඉවරයි(මාව කවුරුවත් හැක් කරන එකක් නෑ කියලා හිතුනු හන්දා මම ඩේටාබේස් එකට පාස්වර්ඩ් දැම්මෙ නෑ..ඕනිනම් PHPMYADMIN එකෙ පහසුකම් සලසලා තියනවා ඒකට..:P :P හැක් කරනවා එහෙම නෙවෙයි ඕං :D :D)
දැන් ඉතින් වර්ඩ් ප්‍රෙස් කන්ෆිගර් කරන්න ඕනී..මහ වැඩක් නෙවෙයි..
අර කලින් කොපි කරපු wordpress ෆෝල්ඩරෙට යන්න එතන ඇති 
wp-config-sample.php
කියලා ෆයිල් එකක් ඒක 
wp-config.php
රී නෙම් කරන්න,
ඒක නෝට් පැඩ් එකෙ එඩිට් කරන්න

define('DB_NAME', 'ඩේටා බේස් නාමය'); අර කලින් දීපු ඩේටා බේස් නම

define('DB_USER', 'root'); මෙහෙමම

define('DB_PASSWORD', ''); පාස් එකක් දුන්නෙ නැත්තම් මෙහෙම

define('DB_HOST', 'localhost'); මේක ඉතින් සරවර් ඇඩ්‍රස් එක අපේ ලොකල්හොස්ට්නෙ :P :P

define('DB_CHARSET', 'utf8'); මෙහෙමම

(මේවා ෆයිල් එකට ඇඩ් කරන්න එපා අලුතින් ෆයිල් එක ඇතුලෙම තියනවා..පොඩ්ඩක් බලන්න)
හරී සේව් කරන්න දැන්..වින් 7 හරි විස්ටා හරි පවිච්චි කරනවානම් නෝට් පැඩ් එක රන් ඈස් ඇඩ්මින් කරන්න වෙයි

වැඩේ ඉවරයි වගේ තමයි
දැන් 
ඇඩ්‍රස් බාර් එකෙ ගහන්න
http://localhost/wordpress/wp-admin/install.php
කියලා,
එතකොට එනවා ඉන්ස්ට්‍රොලෙශන් එක,
ඒක සම්පුර්න කරලා ලොග් වෙලා පෝස්ට් කරන්න පටන් ගන්න පුලුවන්,
ඔයගොල්ලන්ට අලුත් පෝස්ට් එකක් දාන්න ඕනිනම්  http://localhost/wordpress/wp-admin/ යන්න ඕනි
පෝස්ට් බලන්න ඕනිනම් http://localhost/wordpress/ යන්න ඕනි..

ඕන්න ඔහොම තමයි "මමම ලියා මමම බැලුවෙ"
මම http://www.dyndns.com/ පාවිච්චි කරලා මගෙ IP එක ඩෝමෙන් එකකට මැප් කලා ඒත් වැඩෙ හරිගියෙ නැ..මගෙ සෙටිංස් වල අවුලක් වෙන්න ඇති..forbidden error එකක් එනවා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මොකද කරන්න ඕනි කියලා..
ආ http://www.dyndns.com/ කියන්නෙ අපෙ වෙනස් වන සුලු IP (ලංකාවෙ තියෙන්න්නෙම මේවනෙ) හැම වෙලෙම එක ඩෝමෙන් එකකින් මැප් කරන්න දෙන සේවාවක්

සැ.යු-මම සරවර් හෝ ඉහත දක්වා ඇති මෘදුකාංග පිලබඳ විශාල අත්දැකීම් ඇත්තෙකු නොවෙ..
හෆ්ෆොයි ලියන එකත් ලේසි වැඩක් නෙවෙයි මේක ලියන්න මම ඊයෙ රැ පටන් ගත්තෙ දොයිය මත වැඩිඋනු හන්දා අද උදේ ඉවර කලේ :P :P

7 ප්‍රතිචාර!!:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ස්කයිප් එක්ක වැම්ප් වැඩ කරන්න ගියාම ලෙඩ දෙනවා(මට එහෙම අවුලක් උනා ) පස්සෙ ඇපාච් වල පෝර්ට් එක වෙනස් කලා . මම හිතන්නෙ දෙකම වැඩ කරන්නෙ එකම පෝර්ට් එකේ

ලියන එක ලේසි නැ තමයි මචන් ..මගේ අන්තිම පෝස්ට් එක දවස් කිහිපයක් තිස්සෙ ලියල තමයි දැම්මෙ

සාතන් said...

wamp ekata Apache, mySQL, PHP wenama daganna eka watinawa... speed ekath hodai... mamath mulin pavichchi kale wamp.... eth passe maru kala...

anith software ekkath aulak wenne na wena wenama dapuwahama

පන්සල් හංදිය said...

අදහසක් නැහැ මල්ලියෝ ........ සොරි ........

Unknown said...

හෙහ් හෙහ් මට වෙන වෙනම සොෆ්ට් වෙයා දාල තාම සර්වරයක් අටවන්න තරම් ලොකු වුවමනාවක් ආවේ නැ...:P මට සර්වරේ ඕනි වෙන්නෙ ඔය වගෙ පිස්සු වැඩ කරන්න මම හදපු පිස්සු php කැල්ලක් ටෙස්ට් කරන්න වගේ තමයි ඉතින් එච්චර අවුලක් නෑ...ඔය නිකන් ලියලා දැම්මා කාට හරි වුවමනා උනොත් බලයි කියලා තැන්කූ කමෙන්ට් වලට :D

kasun said...

අම්මෝ.....මට කියව ගන්නත් හෙන වෙලා ගියනේ....(මගෙ බුද්දියේ හැටි තමා)....අදහසක් නෑ මචෝ.....හික්....:P :P

Unknown said...

අවුලක් නෑ..අවුලක් උණොත් උඹෙන් අහන්නම්

දොඩන් said...

එල එල තෑන්ක්ස්!!

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P