Saturday, May 21, 2011

හෙට මම යා යුතුය!!

කොහොම කොහොම හරි අපෙ නායකත්ව පුහුනුව බාදක දුවලා අදිකරනයෙන් දාපු උදලු උඩින් පැනලා,
අනිද්දා(23) පටන් ගන්නවා..අපි හෙට(22) කදවුරු වලට වාරතා කරන්න ඕනි..
අපේ දුර පලාත වල කදවුරු වලට දාලා තියන යාලුවො අදම පිටත් වෙලා..
අපිනම් හෙට උදේ ගියාම ඇති....

මම ජුනි 16 පටන් ගනී කියලා තියන දෙවනි අදියරට යන්න ඉන්න යාලුවොන්ට  වැදගත් වෙයි කියලා,
මේ සදහා අපේ මිලදී ගැනිමෙ චාරිකාව ගැන ටිකක් කියන්නම්,

තව එකක් කියන්න ඕනි..හැම මගුලටම හිනාවෙන මට ඊයෙ සහ අද දවස් දෙක ලොලේ ලොල් දවස් දෙකක් උනා,

ඔන්න ඊයෙ උදේ වගෙ තමා ඔය කියන චාරිකාව පටන් ගත්තෙ,
ගිය ගමන් කොරන්න උනෙ කොන්ඩෙ කපන එක :P
මම කොන්ඩෙ පීරන්නෙ නැති හන්දා අම්මා තරයේම ප්‍රකාශ කලා කොන්ඩෙ කපන්නම ඕනි කියලා,
මම ඉතින් ගිහින් වාඩි වෙලා බාබර් අයියාට කිව්වා "අල්ලලා දාපන් බන් අඩුම එකෙන්ම" කියලා,
කොහොම හරි මූ මගෙ තට්ටෙ ගාන්නෙ නැතුව ඉතුරු කරලා තිබුනා :P :P

ලොල්

ඊ ලගට පෝටෝ අල්ලන්න උනා ඇයි පාස් පෝට් සයිස් පොටො 3ක් ඉල්ලලා තිබුනානෙ,
පොටෝ ගන්න තැනට හෙනට වැඩ..අපි යනකොටත් එතන 10ක් විටර පෝලිමේ..අපේ වයසෙ උන්!!
කොහොම හරි පොටො අල්ලන තැන හිටපු ලස්සන අක්කා කිව්වා දවස් තුනකින් ගන්නවානම් 190/=
දැන්ම ගන්නවානම් 295/= කියලා
දවස් තුනකින් මදි හන්දා දැන් ගන්න සේවයෙන් පොටෝ ගහනකොට පොටො ගත්තු අයියා කිව්වා "මල්ලි බන් මේකෙ බැටරි පැයක්වත් තියෙන්නෙ නැ බහිනවා" කියලා
මම ඇහුවා "මක්කැයි අය්යෙ අවුලක් ද?" කියලා
ඒ පාර ඌ කියපි "නෑ මල්ලි අද ආවනෙ 500ක් විතර පොටො ගන්න,ඔච්චර කැම්පස්වත් ගන්නවද?" කියලා...

ලොල්

ඊට පස්සෙ අපි ගියා භාන්ඩ ලැයිස්තුව ගන්න :P :P
ඔන්න කඩෙකට ගිහින් ගන්නනවා බඩු,
නිල් ශෝට් දෙකයි----------350‍‍‍‍‍‍x2 (යකෝ 15 වෙනිදා 150/= තිබුනු එක!!)
ට්‍රැක් බොටම් එකායි--------560/= (මේකෙනම් කලින් ගාන නොදනී..දැන් ගාන 200% වී ඇති බව අනුමාන කරමු!)
ටී ශර්ට් 2 දෙකායි-----------250‍x2(15 වෙනිදා 150/=)
තව තව පොඩි අයිටම්-------500/=(ලොල් නොඅසනු මොනවාද!!)
හරි එතන-------------------2260/=

අතෙ මුදල් සතේට හිදුන හන්දා ආයි ආවා....
ඉතුරු ටික ගන්න අද :P :P

ඊට කලින් තව එකක්..
අර කලු සපත්තු ජෝඩුව හොයන්න මාර මහන්සියක් උනේ...
මම ගිවිසුමක් ගහලා ඉන්නෙ සපත්තු දාන්නෙ නෑ මීට පස්සෙ කියලා ලොල්
ඒක හන්දා මටම කියලා සපත්තු අරන් වැඩක් නෑ.. :P :P
ඔන්න හොයනවා,
තාත්තගෙ යලුවෙක් කකුලෙ තිබුනු එක ගලොලා දිලා තිබුනා ඒක මදි,
ඔන්න තව එක්කෙනෙක් එයා වෙඩින් වලට විතරක් දාන්න ගත්තු අවුරුදු ගානකින් වෙඩින් එකකට නගියපු සපත්තු දෙකක් දුන්නා ඒ දෙකත් මදි(කොහෙද මගෙ අලි කකුලක්නෙව!! )
ඔන්න යන්තම් තුන් වෙනියට අලි කකුලක් තිබිලා ගානට මට සෙට් උනා..
ඒ මාමා මට පොලිශ් එකකුත් එවලා තිබුනා :P :P

ඊට පස්සෙ ඔන්න අද උදේ බඩු ලැයිස්තුවෙ ඉතුරු ටික!!
උදේ පාන්දර 11ට විතර අම්මා මාවත් ඇදගන ගියා ටවුන්!!
යනකොටම ඇදගන වැටුනා වැස්සක් :P :P

වැස්සෙ තෙමීගනම ගොඩ උනෙ උකස් ගන්න ආයතනයකට..
අම්මා මොනවද උගස් තියලා කීයකද මන්දා ගත්තා..
මට ඒක ගැන අයිඩියාවක් තිබුනෙ නැ..
වැස්සට තෙමිලා අර ඒ.සී. කරපු උකස් බඩු කඩේට ගොඩ් උනාම ආවේ වාශ්ප වෙනවා වගේ හැඟීමක් හන්දා :P :P

නැවතත් චාරිකාවෙ,
දැන් ගොයනවා කැන්වස් සපත්තු..මම ඉස්කෝලෙ යන කාලෙ කැන්වස් වලට කැමැත්තක් නෑ..
ඒක හන්දා ගන්න උනා..
ඒකට--------------------------885/=
මේස් සහ අනිත් මගුල් වලට----200/=
එතන--------------------------1085/=

දැන් හොයපන් සුදු බෙඩ් ශීට්...
අපේ ගෙවල් වලට සුදු බෙඩ් ශීට් ගන්නෙ නැනෙව.අපි රටේ තියන මල හත්ජාරාව ගානකොට පේන්නෙ නැති පාට වල ඒවානෙ ගෙවල් වල තියෙන්නෙ

ඒවාත් ගන්න වෙනවා
ඔන්න ගියා ගන්න මෙලෝ චාරයක් නැති රෙදි වගයක් තියනවා එක තැනක එකක් 500++ වගේ ගානක් කිව්වා..
ඒවා චා හන්දා ගත්තෙ නැ..:P :P :P
කොට්න් රෙදි මීටර් 4ක් ගත්තා බෙඩ් ශීට් වෙනුවට.අන්න අරෙහෙ අම්මා මහනවා!!

ඒවාට-----------------------------------------275‍x4
පිඟන් කෝප්ප සහ අනිත් ලට පට වලට-------300/=(විතර)
එතන-----------------------------------------1400/=
හරි දැන් වැඩි හරිය ඉවරනෙ....

ටෝටල් බලමු!!
----------------------------------4745/=
තව මතක නැති උන ඒවා සමග ---5000/=ම දාමු!!
අර මාලන්ගෙ ගානට ටිකක් අඩුයි
ඔය යන එන මං ගාස්තු එහෙම නැතුව ආ,,ඒවා ගිහින් ඇවිත්!! :P :P

හික් අපෙ පවුල සති කීපයක් කන සල්ලි :P :P

මාලන් කිව්වා වගේ අඩු තරමෙ දුප්පත් අයට හොයලා බලලා ඔය ටික රජයෙන් සැපයුවානම්!!
(හෙ හෙ මටනම් ඕනි නැ..තාතතා ඉන්නවානෙ දෙයියනෙ කියලා :D)

ඔන්න ඔය ටික ඔක්කොම දාන්න පුලුවන් ට්‍රැවලිං බැගක් තාත්තා කාගෙන් හරි ඉල්ලගන ඇවිත් තිබුනා(උස්සගන යන එක තමා අවුල :P :P)

දැන් වැඩේ ඔක්කොම සෙට්...මම හෙට උදේම(4ට විතර :P :P) කොලඹ් බදුල්ල බසයක නැගී හෝ යාලුවාගේ කාරයෙ නැගි බ්ලොග් අවකාශයෙන් සහ බස් වලින් සති 3කට සමු ගන්නවා..(බුකියටනම් පෝං එකෙන් ආවැකිනෙ ලොල් :P :P)

මගේ බ්ලොගෙ පැත්තෙ එන්න ආ.......

ආ තව එකක් දේශපාලන කොමෙන්ට් දාන මහත්තුරුන්ට කියන්නෙ
ඒවා දාන්න වෙන බ්ලොගෙක,මේකෙ එපා!!!!
මොකද මේවා දෙශපාලන පක්ශ වලම වැරදි නෙවෙයි පද්දතියේම වැරදි..ඒ කියන්නෙ අපෙත් එක්ක!!!

ටටා මට ශෙඩියුල්ඩ් පෝස්ට් කිහිපයක් දාන්න අයිඩියා..බලමු :P :P

ප/ලි--එකක් මතක නැති උනානෙ!!
දෙවනි අදියරට සිටින උන් සැලකිය යුතු කරුනු
1)තමන් හරි උගස් තියා ඔය මුදල හොයා ගනු!!
2)කැන්වස් සපත්තු 23 පහු වෙච්චි ගමන් අරන් තියා ගනු!!
3)පොටො අල්ලන්න 16 වෙන තුරු නොසිට හෙට අනිද්දාම අල්ලා දවස් තුනකින් ගනු!!
4)ශෝට්,බොටම් ආදිය 23න් පසු මිල බසිනු ඇත (50%පමන) එවිට අරන් තියාගනු!!
5)එපමනකි......යාලුවා මේකෙ සහ ඔබ 16න් පටන් ගන්නා එකෙනම් ඔටෝ ගොඩ ගිය හැක..මට හෝ මගේ යාලුවන්ට එවැනි පිනක් නැත!!
තවත් එකකි කල දුටු කල වල ඉහ ගන්නා කඩ කාරයින්ට පොල් ගසනු!! ලඟම දේවාලයට ගොස්!!

17 ප්‍රතිචාර!!:

jhothishalanka said...

තෙරුවන් සරණයි.හොද ආරක්‍ෂාවෙන් ගිහින් එන්න.අනේ මන්ද මම හරිද වැරදිද කියල මම දන්නේ නැහැ.ඒ වුනාට මේ වගේ පිස්සු වැඩ ලෑස්ති කරපු එස්.බී උන්නැහේටනම් පිස්සු කියල තමයි මටනම් හිතෙන්නේ.(මෙය දේශපාලන කමෙන්ටුවක් නොවේ.)

Unknown said...

@JHOTHISHALANKA ඔවාට නෙවෙයි දේශපාලන කොමෙන්ට් කියන්නෙ..යන්නෙ කොහෙද මල්ලෙ පොල් ටයිප් එකෙ ඒවා..මම මේකෙ ඇනෝ කොමෙන්ට් ඩිසිබල් කරලා යනවා නැත්නම් මේක කෝලමක් වෙයි ලොල්
බොහෝම ස්තූති..!!

කිඩෝ said...

දුප්පත් පවුල්වල ලමයින්ටයි දෙමව්පියන්ටයිනං මේක හෙනම හිසරදයක් වෙනව ශුවර්... මේක නිසා එහෙම දෙතුන්දෙනෙක් සියදිවි හානි කරගන්නත් බැරි නෑ... හැබැයි එහෙම වුනොත් නං මේකෙ දෙවෙනි අදියර එක්කො නොතිය ඉදීවි නැත්තං ඕකෙ පොඩි වෙනස්කම් ටිකක් කරාවි ගිහිල්ලම බලපල්ලකො පලමු අදියර කොහොමද කියල...

හා පැටික්කි (MS) said...

අර කිව්වත් වගේ ‍බුදුසරණින් පරිස්සමෙන් ගිහින් එන්න මල්ලියෝ......!!!!!
අපි එහෙනම් ඔන්න මල්ලිගේ උපදෙස් අනුව ලේස්ති වෙලා ඉන්නම්.
එතකොට හරිනේ..........

පරිස්සමෙන් යන්න......
බුදුසරණයි...!!!!!

Unknown said...

කිඩෝ සිරා තමා බන්..මේකෙ සංවිදාන කටයුතු හරි මදි කියලා මම කලින් පෝස්ට් එකෙන් කිව්වා.. :P :P..
බලමුකො මක් වෙයිද කියලා..ඇත්තටම වැඩ සටහන හොදයි ඇතුලට දේශපාලනික අරමුනු නොරිංගා පොඩි ව්නස් කම් ටිකක් උනොත්!!

Unknown said...

@හාවී අකුරටම පිලි පදින්න ලොල්,, :P :P
තැන්කූ

නදී said...

අර කිව්වත් වගේ හොද පරිස්සමෙන් ගිහින් එන්න මල්ලි.ගිහින් ඕකෙ විස්තරත් අපිට ලියන්නකො.බැලුවම එකවර සෑහෙන මුදලක් වියදම් වෙනව වගේ.

Unknown said...

@නදි තැන්කූ..
මුදලක් වියදම් වෙනවා...ඒකම තමා අවුල දුප්පත් උන් මක් කොරන්නද..
අන්න ඒක හැදුවොත් මේකෙ ලොකු අවුලකුත් නැ..

මම ඇනෝ කොමෙන්ඩ් ඩිසිබල් කරෙමි..සති 3ක් යන තුරු ලොල්...
නැතිනම් මේක දෙශපාලනී කරනය කොරයි ඇනෝලා!!

Anonymous said...

හපෝ ඇති යන්තං කනක් ඇහිලා හිටියෑකි...

අඩේ එහෙම කිව්වයි කියලා හිත නරක් කොරගන්න නෙමෙයි. ආදලේටනේ සත්තලනේ කිව්වේ... කෝ මෙහෙවර චූටි නාය මිරිකන්න.

පරිස්සමින් ගිහිං වරෙන් මලේ. බැරි ​වැඩ නොකර පොර වෙන්න යන්නේ නැතුව පරිස්සමට හිටු.

Unknown said...

@prasanna
මගෙ නාය අලි එකක් බන් :P
මොන ඔය අලි ටෝක් බ්ලොගෙදි විතරයි :P :P
මම ගිහින් ඔවා කොරන්න යන්නෙ නැ..
තැන්කූ තැන්කූ

Asanka Udayanga said...

s.b ලොක්කට පිස්සුද කොහෙද බන්,මොකක් වුනත් තම්න්ගේ ජීවිතේට වෑදගත් කියල දෙයක් ගන්න පුලුවන් වෑඩසටහනක් වේවා කියලා ප්‍රාත්තනා කරන්වා.....බුදුසරනයි මල්ලි..

Unknown said...

අස0ක
මිනිහට් ලාවට තියනවා නෙහ්?
ඔව් ඔව් ගන්න පුලුවන් උපරිමය ගන්නවා!!
තැන්කූ

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මේ ගැන මගේ විවරනය දීලා තියන නිසා දැන් කියන්න තියෙන්නෙ යන තැනක හොඳින් ඉන්න බලාපල්ල කියල තමයි :D

. මම නම් අදහස් වාරනය අනුමත කරන කෙනෙක් නෙවෙයි , ඒත් උඹට උපදෙසක් හැටියට කියන්නෙ ,"කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P " කියන තැනටම දේශපාලන කමෙන්ට් එපාය කියල දාන්න

Unknown said...

බුවා.. :P :P අදහස් වාරනය කොලෙ සති 3කට පමනි!!...
මම නැති ටිකේ ඇනෝලා මාව දේශපාලනීකරනය කලොත් කියලා :P :P

අන්න අයිඩියා එක මම ආපු ගමන් හදන්නම් ඒක...
මම දේශපාලන කොමෙන්ට් එපා කියන්නෙ..ඕවා දැකලා මගේ දේශපාලන මතවාද එලියට ආවොත් ඒක මටම ලෙඩක් වෙන්න පුලුවන් හන්දා....
මොනවා නැත්ත ගැල විජ්ජාව දැනන් ඉන්න එපැ නෙහ්?

පන්සල් හංදිය said...

බුදු සරණයි දෙවි පිහිටයි මල්ලි පරිස්සමින් ගිහිං එන්න ...... ඔයා නැති අඩුව දැනෙයි ...... මම ඔය ප්‍රෝග්‍රෑම් එකේ අඩු පාඩු කියන්න යන්නෙ නැහැ ...... මොකද කිව්වා කියලා එයාලා කරල තියන දේ ආපස්සට ගන්න බැරි නිසා .......

@prasanna86k,
හපෝ බොගේ කඩප්පුලි කට .........

Unknown said...

@කල්හාර තැන්කූ කලහාර අයියෙ...ඔව් ඔව් ඔන්න ඔහෙ නොකියා ඉමු..ආයෙ ඕනෙ නැ නෙව

මෙ ඔය prasanna86k කියන්නෙ මාලුවාද?

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

ගිහින් වරෙන් සහෝ... හැබැයි ඇවිත් වුනදේ අපිටත් කියහන්... ජයවේවා...

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P