අවුරුදු කිහිපයකට කලින්,
මම බොහෝම සංවෙදි පුත්ගලයෙක්,
ඉතාම පුන්චි විහිලුවක්වත් මට දරාගන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ,
යාලුවෙක් හො වෙනත් කෙනෙක් විහිලුවක් කලොත් මම කලෙ පැත්තක් අල්ලගන අඬන එක,
ඇත්තටම නොඅඬා දුක හිතෙ හිර කරන් ඉන්නවට වඩා ඒක ඉතාම හොද ක්‍රමයක් උනා දුක පිට කරගන්න,
නමුත් කවදාවත් මම අඩනවයි කියලා මට වෙන විහිලු අඩු උනේ නැහැ,
වැඩි උනා මිසක්,
මට සත්‍ය ලොකයෙ තිබුනු ඉඩ අඩු උනා,
මම මගේම ලෝක මවා ගන්න උත්සාහකලා,
මම වීරයා වෙන,
මගේම ලෝකයක් මම නිර්මානය කලා,
පොත්,
මේ නිර්මානය කිරිමෙදී මගෙ සහකරුවා උනා,
පොතක් කියවන මම ඒකෙ චරිතයක හැකියාවන් මගේ ලොකයෙ මා තුලට ඔබ්බවන්නෙ,
මාව ඒ ලොකයෙ අත්‍යාවශ්‍යම පුත්ගලයා කරමින්,
පහුගිය අවුරුදු තුනක කාලය ඇතුලත,
මට මිතුරන් ලැබුනා,
මගේ සත්‍ය ජීවිතයෙත් මම යම් තරමක වීරයෙක් උනා,
මෙන්න මේ හෙතු හන්දා මගෙ සිහින ලොකයෙ අවශ්‍යතාවය අඩුවෙලා ගියා,
සිහින ලොකයෙ අහිමි වීම හන්දම,
මගෙ හිතත් ගලක් වගෙ උනා කියලා මට හිතෙනවා,
පහු ගිය අවුරුදු තුන ඇතුලෙ මම ඇඩුවෙ හුඟක් අඩුවෙන්,
ඒ වගෙම හදවතින්ම හිනා උනෙත් අඩුවෙන්,
දැන් මම ආයිමත් තනියෙන්,
ලබැදි මිතුරන් හමුවෙන්න කලාතුරකින්,
මම නැවතත් සිහින මවන්න ආරම්භ කරලා,
මම නැවතත් සංවේදි පුත්ගලයෙකු වෙලා,
මේ දැන් පොතක් කියවනකොට තමයි තෙරුනෙ,
මම නැවතත් අඬන්නත් පටන් අරන්,
හීතෙ පිරුනු සතුටෙන් මම ලෝකෙටම කෑ ගහල කියනවා,
මම නැවතත් හඩමී!!!!!
කියලා............................................
8 ප්‍රතිචාර!!:
මොකද්ද ඔයා කියවපු පොත?
එච්චර ලොකු පොතක් නෙවෙයි අපෙ නංගි පුස්තකලෙකින් ගෙනාපු එකක්..කදුලු බින්දු..හැඟීම් බර වෙන තැන් කීපයක් තියනවා..
මල්ලි යථාර්තයට මූණ දෙනකොට ඇඩුවා කියලා ඒක වෙනස් වෙන්නෙ නැහැ ........ හිතේ ෆිට් එකෙන් ඉන්න ............
මම දන්නවා..නමුත් මම ආයිමත් සංවේදී වෙලා කියන එක දැන ගත්තු එක ලොකු දෙයක්
මම වගේමයි...
හෙ හෙ මොන හරියෙන්ද?? ඔක්කොගෙන්මද නැත්නම් පෝස්ට් එකෙ කොටසකින් විතරද?
දැන් නම් පිළිගන්න වෙනව උඹ පිස්සෙක් කියල.... මේ වෙද්දි මම නම් බයයි සංවේදී පුග්ගලයෙක් වෙන්න... යකා මාර්ක් එක පපුවෙ ගහන් ඉන්නෙ....
හෙ හෙ සාතන් ඒකනෙ මම කිව්වෙ,මම යකා මාක් එක තාම හලලා නැ..නමුත් ටික ටික හැලෙනවා වගේ!!
Post a Comment
කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P