Monday, May 2, 2011

අතිතය ඔබට ආයුබෝවන්!!

නුදුරු අනාගතයේ සුපිරි තාක්ෂණ ආයතනයක අවන්හල තුළ

නුතන සන්නිවේදන ක්‍රමපිළිබඳ පැවති කතාබහක දිගුව.
-------------------------------------------------------------------------------------------------------------
man1-පහුගිය අව්රුදු ගණනාව ඇතුළතම විවිධ තාක්ෂණික ක්‍රම දියුණු උණත් සන්නිවෙදන කටයුතු වල             වේගය වැඩි කරන්න,මට හිතෙන විදියට ලගදිම ඕවා සිමාවකට පත් වෙලා නවතිවි.

man2-ඇයි එහෙම කියන්නෙ?.මිනිහගේ තොරතුරු ඉල්ලුම එන්න එන්නම් වැඩිවෙනවා වගෙයි මටනම්    පේන්නෙ.බලන්න චිත්‍රපටි කර්මාන්තය දිහා.මුලින්ම සෙයා පටල.පස්සෙ VCD,ඊටත් පස්සෙ Video DVD,දැන් Blu-Ray Disk,අලුත්ම ක්‍රමය අධි විහේධනය සහිත වෙබ් වීඩියො..ඉතින් ඔය වගෙ තොරතුරු ඉල්ලුමක් සහිත සාමාජයකට අධි වේගි සන්නිවේදන ක්‍රමයක් වැඩක් නැ කියලද කියන්න හදන්නෙ?

man3-නැහැ මම හිතන්නෙ මෙයා කියන්න උත්සාහ කරන්නෙ මිනිස්සුන්ගේ තොරතුරු ඉල්ලුමේ සිමාව මිනිස්සුන්ගේ ඉන්ද්‍රිය වලට දරාගන්න්න පුළුවන් සිමාව කියල වෙන්න ඔනී

man1-ඔව් ඒක තමයි මම කියන්න උත්සාහ කළේ.බලන්න තව අවුරුදු කීපයකින් අධි විහේධනය සහිත වෙබ් වීඩියො තාක්ෂණය මිනිස් ඇසට දරාගන්න පුළුවන් උපරිම සීමාවට එළඹෙවි.ඊටපස්සෙ ඒ තාක්ෂණය දියුණු කිරිමෙන් ඇති පලක් නැ නේද?.ඒ වගේම ඒකෙන් කියවෙන්නෙ ඒ තාක්ෂණය සදහා යොදාගන්න සන්නිවේදන ක්‍රමයෙ දියුණු විමෙන් ඇති පලකුත් නැ නේද?

man2-ඔව් ඒක පිළිගන්න පුළුවන් තර්කයක්.නමුත් සන්නිවේතන තාක්ෂණ දියුණු වීමේ තවත් සීමා තියනවා නේද?උදාහරණයක් විදියට අපි දැනට සන්නිවේදන කටයුතු සදහා යොදාගන්න විද්‍යුත් චුම්බක තරංග වලට ආලොකයේ වේග සීමාව තියනවනේ?

man1-ඔව් ඒක ඇත්ත..අපේ පොළව විතරක් ගත්තොත් ඕක එච්චට දැනෙන්නෙ නැතුවට,පහු ගිය දශකයේ ආරම්භ වෙච්චි හඳ ජනාවාස කිරිමත් එක්ක ඇරඹුණු අභ්‍යාවකාශ යුගයට ඕක හුගක් බලපානවා.මොකද මිනිසාට නිද්හසේ හුස්මක් ගන්න පුළුවන් ළඟම තැන තියෙන්නෙ බ්‍රහස්පති කක්ෂ වල හන්දත්,එතන ඉදලා පොළවට පණිවුඩයක් එවන්න අඩු තරමෙ විනාඩි 50ක් වත් යන හන්දත්.

man3-ඕකට විසදුමක් විදියට තමයි කාලයෙන් වියුක්ත සන්නිවේදන තාක්ෂණ පිළිබදව යොජනා කරලා තියෙන්නෙ.එ කියන්නෙ යම් තැනකින් පිටඋනු දත්තයක් ඒ මොහොතෙම දුරස්ථ ස්ථානයකට ලැබෙන ක්‍රමයක්!!

man2-ඔයා කියන්නෙ අර සුපිරි සන්නායක සන්නිවේදනය වගේ දෙයක්ද?සුපිරි සන්නායකයක දෙකෙළවර හරහා විභව අන්තරයක් යෙදෙන්න කාලය ගත උණේ නැතුවට ඒක විශ්විය වශයෙන් ප්‍රයෝගික වෙන්නෙ නැනෙ..සුපිරි සන්නායක මිටර් කිහිපයක් හදාගන පරීක්ෂණ කරන අපට ඒවගන් කිලොමිටර මිලියන ගාණක් හදාගන ස්ථාවර කකශවල රදවනවා කියන්නෙ හීනයක් තමයි!!

man3-නැහැ ඒක කොහොමවත් ප්‍රායෝගික නැ..නමුත් හිතන්න කාලයෙන් වියුක්ත සන්නිවේදන තාක්ෂණයක තිබිය යුතු ලක්ෂණ..

man1-ප්‍රධානම දේ ඒක කාලයෙන් වියුක්ත විය යුතුයි!!ඒ කියන්නෙ සර්ව කාලිනව තොරතුර ග්‍රහණය කල හැකිවිය යුතුයි..අතිතයේදි උණත් අවශ්‍ය උපකරණ තියනවනම්!!

man3-හරියට හරි!!..එතකොට අනාගතයේ ඉන්න කවුරු හරි සන්නිවේදන ක්‍රමයක් ගොඩනගලනම් අපිට එහි අතුරු ඵලයක්වත් අතිතයේ සිට දකින්න පුළුවන් වෙන්න ඕනි නේද?

man2-ඒතකොට අපි මේ දැනට හුවමාරු කරන දත්ත ප්‍රමාණයත් එක්ක අනාගතය සසඳලා බලද්දි ඔය කියන අතුරු ඵලයෙන් මුලු විශ්වයම වැහිලා තියෙන්නෙ ඕනිනෙ?

man3-එහෙනම් හිතන්න මුලු විශ්වයම වැහිලා තියන දෙයක්??

man1-ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය!!!....විශ්වය ආරම්භ වෙච්චි කාලෙ ඉදන්ම තිබුණු ස්ථායිම දේවල් වලින් 1ක්!!..

man2-නමුත් ඒක විද්‍යුත් චුම්බක විකිරණයක්නෙ??..එහෙම වෙන්නෙ කොහොමද??

man3-ඔව් ඒක විද්‍යුත් චුම්බක විකිරණයක් තමා!!..නමුත් මම කිව්ව විදියටම ඒක අතුරු ඵලයක් වෙන්න පුළුවන්.නැත්නම් තොරතුරු ග්‍රහණය කරන ක්‍රමය විතරක්..තොරතුරු විකාශනය කරන්නෙ වෙන,අපිට තාම හිතාගන්නවත් බැරි ක්‍රමයකට වෙන්න පුළුවන්!!

man2-ඉතින් ඔය කියන විදියට අපිට ඔය තොරතුරු ග්‍රහණය කරන්න පුළුවන්නෙ.ඇයි අපිට තාම බැරි වෙලා තියෙන්නෙ?

man3-එහෙම වෙලා තියෙන්නෙ අපි ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය දිහා බලන්නෙ විශ්වයෙන් එන විකාර විද්‍යුත් කහළ ගොඩක් විදියට මිසක් ක්‍රමානුකූල අංකිත පණිවිඩය විදියට නෙවෙයි හන්දා!!..ලෝකේ අපිට පේන්නෙ අපි දාන කන්නඩියෙ පාටින්නේ!!

man1-හරි ඉතින් අපිට ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය පළවේනියටම හමු වෙච්චි දවස් වල අපි ඒක දිහා බැලුවෙ අංකිත දත්ත විදියටනෙ?ඒකේ ඔයා කියන පිළිවෙළක් තිබුණෙ නැනෙ?

man3-පොඩ්ඩක් හිතලා බලන්න,අපි අද භාවිතා කරන සාමන්‍ය අංකිත ක්‍රමයකින් අනාගත සන්නිවේදන තාක්ෂණයක් හරහා පණිවිඩයක් යැව්වොත් මක් වෙයිද කියලා.ග්‍රහණය කරන්න ඕනි කාලය දන්නෙ නැති හන්දා පණිවුඩය විකාරයක් වෙයි මොකද සන්නිවේදන ක්‍රමය කාලයෙන් වියුක්තයි!..ඒ නිසා අනිවර්යෙන්ම දැනට දියුණු කරලා තියන දිවී මාන අංකිත ක්‍රමයක්වත් අඩු තරමෙ පාවිච්චි කරන්න වෙනවා..නමුත් අපි ගණන් බලලා තියන විදියට සන්නිවෙධනය හරි හැටි පවත්වා ගන්නනම් අඩු තරමෙ පංචමාන අංකිත ක්‍රමයක් යොදාගන්න වෙනවා...

man1-මොකක්ද ඒ ගණන් බලපු කතාව?..මේ දවස් වල ඔයගොල්ලන්ගෙ අංශයේ යන මහා ලොකු රහස් වැඩපිළිවල ඕකද එතකොට??

man2-ඔව් ඔව් මේ ගොල්ලන්ගෙ අංශයට දෙන්නෙ ඔය වගෙ තෙරුමක් නැති විකාර වැඩ තමයි!!..ඔයගොල්ලො ඔය කියන රහස් පණිවිඩ තෙරුම් ගත්ත දවසට කියන්නකො කවදද ලෝකෙ විනාශ වෙන්නෙ කියල..හික්ස්!!
-------------------------------------------------------------------------------------------------------------
දින තුනකට පසුව එම ස්ථානයේදිම

man1-කෝ ඔයාලගෙ අර විහිළු ව්‍යාපෘතිය ඉවරද??

man2-ඔව් ඔව් මට ආරන්චි උණා ඒකෙ ප්‍රතිපාදන ඔක්කොම නැවැත්තුවා කියල?

man3-ඉතිහාසයේ හැමදාම වගේ අපට වැරදුණා.අපි හැමදාම විශ්වාස කළේ විශ්වයෙ ඉන්නෙ අපි විතරයි කියලා.ඉතින් අපි විශ්වාස කළා පණිවිඩ එන්න පුළුවන් උණෙ අපේම අනාගතයෙන් විතරක් කියලා..මුලදි අපට කොච්චර වැරදුණත් අපි අන්තිමේදි චතුර්මාණ ෂඩ් දශම ක්‍රමයක් දාල පණිවිඩ ලබාගත්තා..එතන අනාගතයෙන් වගෙම අතිතයෙනුත් වර්තමානයෙනුත් පණිවිඩ තිබුණා.නමුත් අතිතය දෙසට අනාගතයෙන් ගිය වැඩිම පණිවිඩය වෙලා තිබුණෙ"අතීතය ඔබට ආයුබෝවන්" කියන එක.මුලින්ම අපට මේක නෙතේරුණත් පණිවිඩ වලින් යම් ප්‍රමාණයක් කියවනකොට තෙරුම් ගන්න පුළුවන් උණා.ඒක ඇවිත් තිබුණෙ අනාගතයෙදි හුඟාක් දියුණු වෙලා ඉන්න මිනිසා වගේම ආත්මාර්ථකාමි ගෝත්‍රයකින් ඔවුන් විශ්වයේ පවතින සියලුම දියුණු ගොත්‍ර කාලය හරහා යාමේ ක්‍රමයකින් විනාශ කරන්න පටන් අරන්.විහිළුව වෙන්නෙ ඔවුන් ඒ විනාශ කරන්නෙ අපි පණිවිඩ විතරක් යවන්න පුළුවන් කියල හිතපු අපිම හොයා ගත්තු මේ ක්‍රමයන්ම වීම තම්යි..අපි බලාපොරොත්තුව හිටපු පණිවිඩය අපිට ඊයෙ හවස ලැබුණ..

man1-ඒ කියන්නෙ!!

man2-එ කියන්නෙ අපිටත්......?

man3-ඔව් 
        "අතීතය ඔබට ආයුබෝවන්!!"
-------------------------------------------------------------------------------------------------------------
හි හිඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉ..ඩිජිටල් තාක්ශනනම් පට්ට!කතාවක් තියා ලියුමක්වත් ලියන්න අත් අකුරු හොද මදිව හිටපු මට(ඔක්කොටම හපන් කම්මැලි කම) ඔන්න් කතාවක් ලියන්නත උදව් කලා!!
අක්ශර වින්‍යාසය සදහා උදව් කලේ: http://www.subasa.net/spellerweb.py

6 ප්‍රතිචාර!!:

Anonymous said...

Well done madu.. !!! Good work !!! Best of luck !!!
U can be a great scientist & a good author !!!

Rushika....

Unknown said...

@rushika don't think so i can be all of them at ones BTW thanks!

kasun said...

එළ කතන්දරේ මචා.....:(
පට්ට ලින්ක් එකක්නේ දාල තියෙන්නේ .....භාණ්ඩේ නියමයි කොල්ලෝ....!!!!

Anonymous said...

U r welcome dr... U can !!!

Rushika....

D.Dantanarayana said...

කතාවේ සංකල්පය නම් විශිෂ්ඨයි!
එත්
"නුදුරු අනාගතයේ සුපිරි තාක්ෂණ ආයතනයක අවන්හල තුළ"
"නුතන සන්නිවේදන ක්‍රමපිළිබඳ පැවති කතාබහක දිගුව."
"man1-"
ඔන්න ඔය වගේ යෙදුම් නෙතිව තව ටිකක් ප්‍රබන්ධ පැත්තට බර වුනා නම්,
විද්යාත්මක සංකල්ප උපමා වලින් විද්යාත්මක නොවෙන පාඨකයටත් තෙරුම් යන විදියට ලියන්න පුළුවන් නම් මේ කතාවම විශිෂ්ඨයි!!!
දමිත නිපුනජිත් ගේ "විස්මිත සිහින දකින්නා" පොත කියවල නැත්නම් හොයාගෙන හරි කියවන්න හරි වටිනවා!!!
මේ බ්ලොග් එකේ තිබ්බ වෙන ලිපියකට අනුව ඔය සැහෙන්න පොත් කියවල තියනවනෙ.විද්යා ප්‍රබන්ධත් ඇති වෙන්න කියවල ඇති කියල මං හිතනවා :)
වැඩේ නියමයි!!!

Unknown said...

@D.Dantanarayana ඕව් මම පොත් හුඟාක් කියවලා තියනවා...ඔව් හුඟක් විද්‍යා ප්‍රබන්දත් කියවලා තියනවා...දමිත නිපුනජිත් ගේ "විස්මිත සිහින දකින්නා" දහ පාරකට වඩා කියවලා ඇති..ඇත්තටම එයාගෙ නිර්මාන ලෝක විද්‍යා ප්‍රබන්ද කලාවෙම නව මානයක් වගේ..හුඟක්ම අගය කරපු පොතක්...
මම ලියලා තියන එක අවුරුදු ගානක් තිස්සෙ ඇතුලට ගත්තු ඒවගෙ පලමු පිටකිරිම..ටිකක් වේගවත් වෙන්න ඇති..ලියන්න උත්සාහ කරන්න ඕනී තවත්..බොහොම ස්තූති කමෙන්ටු වලට

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P