Sunday, May 15, 2011

මටද මහන වන්නට සිතුනේය!!

මට මහන වෙන්න හිතිච්චි එක,එක පාරටම වෙච්චි එකක්නම් නෙවෙයි,
හුඟක් කල් ඉදලා මගෙ හිතේ ඔය අදහස තිබුනා,

ඒක අලුත් උනෙ අද උදෙ අපේ ගෙදරට ආරන්‍යවාසි හාමුදුරු කෙනෙක් පිඬුසිඟා වැඩලලු,
(මමනම් දන්නෙ නෑ...6.30 විතර මල රෑ කවුද ඇහැරෙන්නෙ හික් හික්)
අපේ පැත්ත ගමක් උනත් හාමුදුරු වරු පිඬුසිඟා වඩින එක එච්චරම සුලභ නෑ,

ඉතින් මේ හාමුදුරුවොන්ගෙ ආගමනයත් එක්කම මට මතක් උනා ආරන්‍යවාසී(පන්සල් වාසී නොවේ!!) හාමුදුරු නමකට තියන නිදහස ගැන,

වැඩ කරන්න නෑ...
පවුල් නඩත්තු කරන්න නෑ...
කන්න බොන්න දෙන්න තරම් හිතක් තියන මිනිස්සු තාමත් ලංකාවෙ ඉන්නවා(නැත්නම් කැලැව තියෙන්නෙ..මොනවා හරි හොයාගන්න පුලුවන්නෙ..)
ඔක්කොටම වඩා කොම්පියුටර් නෑ,සෙල් පෝන් නෑ!!

මටනම් ජීවිතේ තියන ලොකුම දේ නිදහස!

කාලය තමන්ට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න පුලුවන්,

නිදහසේ ඉන්න..
භාවනා කරන්න..

අපි කලාතුරකින් ආරන්‍යට ගියාම දැනෙන සන්සුන් හැඟීම,
සිසිලස,
ඒ හාමුදුරු වරුන්ට හැමදාම දැනෙනවා ඇති,

ටිකක් හිතන්න,
ඒ වගෙ තැනකදි(පන්සල් නොවේ!!) හිත එක තැනක තියා ගන්න කොච්චර ලේසිද කියලා!!

ඒ අයට අදහස් ප්‍රකාශකරන්න බුකිය,බස් හෝ බ්ලොග් නැති උනාට අසීමිත වෙච්චි පරිසරය තියනවා!!
අපිට නැති මහා නිදහසක් ආරන්‍ය වාසී ජීවිතය තුල තියනවා.....

මේවා ගැන හිතනකොට මම ආයි අයිත් හැඟීම් අතර අතරමං වෙලා අනාගතය වෙනුවෙන් මම ගත්තු තීරනය හරිද කියන සැකය නැවතත් ඔලුවට එනවා..!!

6 ප්‍රතිචාර!!:

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

අර ටිබෙටයේ වගේ මාස තුනක් මහන වෙන එක මෙහෙත් තියෙන්න තිබ්බේ. ජීවිතේ සම්පූර්ණ වෙන්න නම් මාස තුනක් හරි මහන දම් පුරන්න ඕනෙ කියලා ටිබෙට් වල අය අදහනවා.

සහෝ... මහන වෙන්න එපා... අඩු ගානේ දැනටවත්... රටට වැඩක් කරන්න. ඊට පස්සේ තමන්ට වැඩක් කරගන්න.

කැමති නම් මේ පෝස්ට් එකත් බලන්න.
http://chathucn.blogspot.com/2011/03/blog-post_15.html

Unknown said...

@චතුරංග ඔව් කතාව ඇත්ත මමනම් මහන උනත් ජීවිතෙට පන්සලක ඉන්නනම් මහන වෙන්නෙ නෑ...අනික් අතට මහන වෙන්න ඕනිත් නෑ..මට ඔය කියන නිදහස මගේ ජීවිතේ ඇතුලෙම හොයාගන්න පුලුවන්.....
මම ඒ පොස්ට් එක කලින් බැලුවා..දාන්න අදහසක් ගොනුකරගන්න අමාරු උනු හන්දා කොමෙන්ට් එකක් දැම්මෙ නෑ..

පන්සල් හංදිය said...

ලේසියි කියලා හිතුවද මහණ දම් පුරන එක ........ බ්ලොග් ලියනවා වගේ නෙමේ ........

Unknown said...

හෙ හෙ...ඔක්කොම අත ඇරලාදානවා තරම් ලේසි වැඩක් තියනවාද වෙන?

Unknown said...

ඕ ගොල්ලො මෝහයෙන් මුලාවෙලා...පව්..සසර දුක නොදන්න ඔයාල මහ මෝඩ අදහස් comment කරල තියෙන්නේ.පොඩ්ඩක් ගැඹුරු ධර්මය අහන්න.

Unknown said...

නිවන තරම් උතුම් දෙයක් තවත් තියනවද?මහණ වෙන්න බෑ හැමෝටම මහණ කමේ ඉන්නත් බෑ හැමෝටම...

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P